Home World News Room : පාකිස්තාන ත්‍රස්තවාදීන් හමාස් උපක්‍රම භාවිත කරලා පෙන්ටගනයේ හිටපු ආරක්ෂක...

News Room : පාකිස්තාන ත්‍රස්තවාදීන් හමාස් උපක්‍රම භාවිත කරලා පෙන්ටගනයේ හිටපු ආරක්ෂක ප්‍රධානී

0
0

කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරය ඊශ්‍රායලයට හමාස් සංවිධානය විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාරයට සමාන බව පෙන්ටගනයේ හිටපු ආරක්ෂක ප්‍රධානියකු වන මයිකල් රුබින් ප්‍රකාශ කර ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් සේවය වාර්තා කළේය. හමාස් සංවිධානය 2023 වසරේ ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට කඩා වැදී සිවිල් වැසියන්ට එල්ල කළ ප්‍රහාරයට සමාන උපක්‍රමයක් භාවිත කරමින් පාකිස්තානුවන් කාශ්මීරයේදී ආගමික අන්තවාදී ප්‍රහාරයක් සිදු කර ඇතැයි ද පෙන්ටගනයේ හිටපු ආරක්ෂක ප්‍රධානියා වැඩිදුරටත් ප්‍රකාශ කළ බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් සේවය සඳහන් කරයි.

නිවාඩු නිකේතනයක් සහ මධ්‍යම පාන්තික හින්දු භක්තිකයන් ඉලක්ක කරමින් පාකිස්තානුවන් හමාස් උපක්‍රමය භාවිත කිරීමට උත්සාහ දරන බව පැහැදිලි වන්නේ යැයි ද, එය හමාස් සංවිධානයේ ප්‍රහාරය හා සමානව සාර්ථක නොවූ බව ද මයිකල් රුබින් සඳහන් කර ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

කාශ්මීර ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය හමාස් සංවිධානයට එල්ල කළ ආකාරයේ පහරදීමක් පාකිස්තාන ත්‍රස්තවාදයට හා එරට අන්තර් බුද්ධි සේවා නායකත්වයට එරෙහිව ඉන්දියාව සිදු කළ යුතුව ඇතැයි ද පෙන්ටගනයේ හිටපු ආරක්ෂක ප්‍රධානියා ප්‍රකාශ කළ බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් සේවය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here