Home Sport News Room : මැදි මහ සටන ක්‍රිකට් තරගය හෙට කටුනායකදී

News Room : මැදි මහ සටන ක්‍රිකට් තරගය හෙට කටුනායකදී

0
0

ගණේමුල්ල ගලහිටියාව මැදි විදුහල හා තෝලංගමුව ඩඩ්ලි සේනානායක මැදි විදුහල අතර 10 වැනි වරට පැවැත්වෙන ‘මැදි මහ සටන’ වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය හෙට (30) කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාප (BOI) ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ගලහිටියාව සහ තෝලංගමුව ඩඩ්ලි සේනානායක මැදි විදුහල්වල විදුහල්පතිවරුන් වන උදේශිකා කාරියවසම් මහත්මිය සහ ජේ.ඒ.අයි.යූ. ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් තරගය ආරම්භ වේ. ගලහිටියාව මැදි විදුහල් කණ්ඩායම රවිඳු අශාන්ගේ නායකත්වයෙන් තරගයට එක්වන අතර, තෝලංගමුව මැදි විදුහල් කණ්ඩායම ඉසුරු ජනිත් මෙහෙයවනු ලබයි. මේ විදුහල් දෙක අතර එක්දින තරගයක් ලෙස ආරම්භ කළ මැදි මහ සටනට අමතරව මේ වසරේ සිට දෙදින මැදි මහ සටන ලෙස ටෙස්ට් තරගයක් පැවැත්වීමට ද කටයුතු කර තිබීම විශේෂත්වයකි. මේ තරග සඳහා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍ය සංගම් සහ මවුපියන් ඇතුළු වර්තමාන සිසු ප්‍රජාව මහත් උද්‍යෝගයෙන් දායකත්වය ලබා දී තිබේ.

ජයසිරි මුණසිංහ සහ ගම්පහ දිස්ත්‍රික් විශේෂ – සිසිල ගුණතිලක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here