2
කාගිල්ස් ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ ප්‍රසාන්ත් සිවඥානම් මහතා හා කාගිල්ස් වෙළෙඳ සමූහ කළමනාකාරිනී මල්ජිනී ජයසේකර මහත්මිය විසින් අනුග්‍රාහක චෙක්පත ශ්‍රී ලංකා ප්රවීණයන්ගේ හොකී සංගමයේ සභාපති ෆවුසාල් හමීඩ් මහතාට හා ලේකම් ඩන්කන් දේවේන්ද්‍ර මහතාට පිරිනැමූ අයුරු.
ශ්‍රී ලංකාවේ මුල්වරට විදුලි ආලෝක ධාරා මැද ජාත්‍යන්තර හොකී තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ප්රවීණයන්ගේ හොකී සංගමය කටයුතු යොදා ඇත. ඉන්දියාව, ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව සහභාගි වන එම හොකී තරගාවලිය ලබන 1 දා සිට 3 වැනිදා දක්වා කොළඹ කෘත්‍රිම හොකී පිටියේදී පැවැත්වේ.
කාගිල්ස් අනුග්‍රහයෙන් පැවැත්වෙන මේ තරගාවලියට කණ්ඩායම් 6ක් එක්වන අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් හා ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් දෙක බැගින් සහභාගි වේ.
මෙයට අමතරව ශ්‍රී ලංකා ප්රවීණයන්ගේ හොකී සංගමයේ ආරාධනාව පරිදි සාන්ත තෝමස්, ආනන්ද, සාන්ත ජෝසප්, මියුසියස්, විශාඛා හා ජනාධිපති යන විදුහල් හොකී කණ්ඩායම්වලට විශේෂ පුහුණු සැසියක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.