33
නිරීක්ෂණ සංවිධාන දීර්ඝ කාලයක් තිස්සේ මැතිවරණ ප්රචාරක වියදම් නියාමන නීතියක අවශ්‍යතාව පිළිබඳව අවධාරණය කළ අතර, ඒ පිළිබඳව කෙටුම්පතක් ද සම්පාදනය කරන ලදී. 2018 – 2019 වසරවලදී මැතිවරණ කොමිෂන් සභාව ද මැතිවරණ ප්රචාරක වියදම් නියාමන කෙටුම්පතක් සම්පාදනය කරන ලදි. ආණ්ඩු කිහිපයක් මෙවැනි නීතියක අවශ්‍යතාව පිළිගෙන තිබුණ ද කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කරන ලද්දේ 2022 නොවැම්බර් 29 දිනදී ය. මෙම කෙටුම්පත අධිකරණ අමාත්‍යවරයා විසින් 2022 දෙසැම්බර් 08 දින පාර්ලිමේන්තුවට පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කරන ලදි. එකී කෙටුම්පතේ තිබූ මූලික අඩුපාඩුකම් හේතුවෙන් කෙටුම්පතේ ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථානුකූලභාවය ප්‍රශ්න කරමින් සමාජ ක්‍රියාකාරිකයකු ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම කෙටුම්පත අභියෝගයට ලක්කරන ලදි.
ජනාධිපති සටන අරඹා ඇත. අපේක්ෂකයන් 39 දෙනෙක් මෙවර ජනපති සටනට තරග කරති. අපේක්ෂකයින් විසින් ඡන්ද දායකයින් පසුපස ගොස් මනාප ඉල්ලා සිටීම ද අරඹා ඇත. මනාපයක් උදෙසා මුදල් ද විසි කළ යුතුව ඇත. අති විශාල ධනස්කන්ධයක් හිමි පක්ෂයට හෝ පුද්ගලයකුට හෝ හැරෙන්නට මැතිවරණ ව්‍යාපාරයක් සාර්ථකව පවත්වාගෙන යාම අසීරු කාර්යයක් වී තිබේ. මෙලෙස සිදුවී තිබෙන්නේ මැතිවරණ ප්රචාරක වියදම් ඇතුළු සෑම ක්‍රියාකාරකමක් සඳහාම අති විශාල මුදලක් වැය කිරීමට සිදුවී තිබීම නිසාවෙනි.
මේ නිසා රටට දැයට වැඩ කළ හැකි පක්ෂ සහ ඡන්දය ඉල්ලන පුද්ගලයින් මිල මුදල් හිඟකම ඉදිරියේ අසරණ වෙති. ඒ සමඟම ඔවුන්ගේ මතය ජනතාව අතරට රැගෙනයාම සීමා වී තිබේ.
මේ අඩුපාඩුව තිරසරව දුරලීමට කළ යුත්තේ කුමක් ද? එනම් රටේ පවතින මැතිවරණවලදී එක් එක් දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම්, ස්වාධීන අපේක්ෂකයින් විසින් එක් ඡන්ද දායකයකු වෙනුවෙන් වැය කිරීමට හැකි උපරිම මුදලක් තීරණය කොට ඒ අනුව එම වියදම් නියාමනය කිරීමට අවශ්‍ය නීති රීති ගෙන ඒමය. ඒ අනුව අප රටට මැතිවරණ වියදම් නියාමන පනත ලෙස නව පනතක් ආණ්ඩුව විසින් ගෙනැවිත් තිබේ. එය දැන් බලාත්මකය. එය නිසියාකාරව ක්‍රියාත්මක වන්නේදැයි මෙම ජනාධිපතිවරණයේදී අපට සක්සුදක් සේ දැකගත හැකි වනු ඇත. ආණ්ඩුව රැගෙන ආ මේ නව පනත ගැන මෙසේ විමසා බැලීම වටී.
නිරීක්ෂණ සංවිධාන
නිරීක්ෂණ සංවිධාන දීර්ඝ කාලයක් තිස්සේ මැතිවරණ ප්රචාරක වියදම් නියාමන නීතියක අවශ්‍යතාව පිළිබඳව අවධාරණය කළ අතර, ඒ පිළිබඳව කෙටුම්පතක් ද සම්පාදනය කරන ලදී. 2018 – 2019 වසරවලදී මැතිවරණ කොමිෂන් සභාව ද මැතිවරණ ප්රචාරක වියදම් නියාමන කෙටුම්පතක් සම්පාදනය කරන ලදි. ආණ්ඩු කිහිපයක් මෙවැනි නීතියක අවශ්‍යතාව පිළිගෙන තිබුණ ද කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කරන ලද්දේ 2022 නොවැම්බර් 29 දිනදී ය. මෙම කෙටුම්පත අධිකරණ අමාත්‍යවරයා විසින් 2022 දෙසැම්බර් 08 දින පාර්ලිමේන්තුවට පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කරන ලදි. එකී කෙටුම්පතේ තිබූ මූලික අඩුපාඩුකම් හේතුවෙන් කෙටුම්පතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය ප්‍රශ්න කරමින් සමාජ ක්‍රියාකාරිකයකු ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම කෙටුම්පත අභියෝගයට ලක්කරන ලදි. කෙටුම්පතට අනුව නියාමනය කිරීමට නියමිත වූයේ අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රචාරණ වියදම් පමණි. පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් සිදු කරනු ලබන ප්රචාරක වියදම් නියාමනයට ලක් කිරීමට එහි ප්‍රතිපාදන සලසා නොතිබිණි.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම අඩුපාඩුව සකස් කරමින් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ද නියාමනයට ඇතුළත් කිරීමට නියම කරන ලදී. එයට අමතරව පනත් කෙටුම්පතේ වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවූ ප්‍රතිපාදන කිහිපයක්ම සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලදී. පසුව 2023 ජනවාරි 19 වැනිදා මෙම කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පැවති අතර, එහිදී පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත කරන ලදි. 2023 ජනවාරි 24 වැනිදා කථානායකවරයාගේ සහතිකය සටහන් කිරීමත් සමඟ පනත බලාත්මක විය. නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සහතික කිරීම සඳහා සෑම අපේක්ෂකයකුටම සම තරග බිමක් නිර්මාණය කිරීම සහ රාජ්‍ය දේපළ මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා අවභාවිත කිරීම සහ රාජ්‍ය දේපළ මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා අවභාවිත කිරීම වැළැක්වීම මෙන්ම මැතිවරණ ක්‍රියාවලිය සඳහා විදේශ රාජ්‍ය හෝ සංවිධාන මැදිහත් වීම වැළැක්වීමද මැතිවරණ වියදම් නියාමනය මඟින් සිදු වේ.
වියදම් නියාමනය
මැතිවරණ වියදම් නියාමන පනතේ මූලිකාංග ලෙස වියදම් නියාමනය කරන මැතිවරණ හඳුනා ගැනීම, මැතිවරණ ප්රචාරක වියදම් සඳහා උපරිම මූල්‍ය සීමාවක් පැනවීම, මැතිවරණ ප්රචාරක වියදම් සඳහා පරිත්‍යාග ලබා ගැනීම තහනම් මූලාශ්‍ර හඳුන්වාදීම, මැතිවරණ ප්රචාරක වියදම් වාර්තා තබා ගැනීම සහ වියදම් වාර්තාවක් භාරදීම, මැතිවරණ ප්රචාරක වියදම් වාර්තා මහජනයාට විවෘත කිරීම, වැරදි සහ දඬුවම් හඳුන්වාදීම සඳහන් වේ.
පනත මඟින් වියදම් නියාමය කරනු ලබන මැතිවරණ පිළිබඳව 2 වැනි වගන්තිය මඟින් සඳහන් කරනු ලබයි. එනම් පළාත් පාලන ඡන්ද විමසීම, පළාත් සභා ඡන්ද විමසීම, පාර්ලිමේන්තු මහ මැතිවරණ සහ ජනාධිපතිවරණවලදී වියදම් නියාමනය කරනු ලබයි. මේ අනුව මැතිවරණ කොමිෂන් සභාව විසින් පැවැත්වීමට නියමිත ජනමත විචාරණ හැර අනෙක් සියලුම මැතිවරණ සඳහා මෙම පනත මඟින් සලසා ඇති ප්‍රතිපාදන අදාළ වේ.
මැතිවරණ වියදම් සීමාව පිළිබඳව 3 වැනි වගන්තියේ සඳහන් වේ. සෑම මැතිවරණයක්ම නාමයෝජනා කාලය අවසන් වීමෙන් දින 5ක කාලයක් ඇතුළත මැතිවරණ කොමිෂන් සභාව විසින් එම මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විමසා එක් අපේක්ෂකයකුට ස්වාධීන කණ්ඩායමකට හෝ දේශපාලන පක්ෂයකට ප්රචාරක වියදම් සිදු කිරීමේදී එක් ඡන්ද හිමියකු වෙනුවෙන් දැරිය හැකි උපරිම වියදම තීරණය කර ගැසට් පත්‍රයේ පළ කළ යුතුය. ඒ අනුව එම මුදල මැතිවරණයට අදාළ ඡන්ද දායකයන් ගණනින් වැඩි කිරීමෙන් එක් අපේක්ෂකයකුට හෝ දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමට එම මැතිවරණයේදී වියදම් කළ හැකි උපරිම සීමාව හෙවත් අවසරලත් මුදල තීරණය කරනු ලැබේ. ඒ අනුව පළාත් පාලන ඡන්ද විමසීමකදී කොමිෂන් සභාව තීරණය කරන ලද මුදල අපේක්ෂකයා තරග කරනු ලබන පළාත් පාලන ආයතනයේ ඡන්ද කොට්ඨාසයේ ලියාපදිංචි මුළු ඡන්ද හිමියන් සංඛ්‍යාව ගුණ කිරීමෙන් ද, පළාත් සභා ඡන්ද විමසීමකදී කොමිෂන් සභාව තීරණය කරන ලද මුදල අපේක්ෂකයා තරග කරනු ලබන පරිපාලන දිස්ත්‍රික්කයේ ලියාපදිංචි මුළු ඡන්ද හිමියන් සංඛ්‍යාව ගුණ කිරීමෙන් ද, පාර්ලිමේන්තු මැතිවරණයකදී කොමිෂන් සභාව තීරණය කරන ලද මුදල අපේක්ෂකයා තරග කරනු ලබන මැතිවරණ කොට්ඨාසයේ (දිස්ත්‍රික්කයේ) ලියාපදිංචි මුළු ඡන්ද හිමියන් සංඛ්‍යාව ගුණ කිරීමෙන් ද, ජනාධිපතිවරණයකදී කොමිෂන් සභාව තිරණය කරන ලද මුදල ශ්‍රී ලංකාවේ සමස්ත මුළු ඡන්ද හිමියන් සංඛ්‍යාව ගුණ කිරීමෙන් ද, ගණනය කරනු ලැබේ. එම වියදම් සීමාව හෙවත් අවසර ලත් සීමාවට වැඩියෙන් ප්‍රචාර කටයුතු සඳහා වියදම් කිරීම වරදකි.
පනත මඟින් නියාමනය වන පුද්ගලයන් සහ කණ්ඩායම් 4 වැනි වගන්තියේ සඳහන් කරනු ලබයි. එනම් මැතිවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කර ඇති අපේක්ෂකයන්ගේ ප්රචාරක වියදම්, මැතිවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කර ඇති දේශපාලන පක්ෂවල ප්රචාරක වියදම් සහ මැතිවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කර ඇති ස්වාධීන කණ්ඩායම් ඊට ඇතුළත්ය.
මැතිවරණයක ප්රචාරක
මැතිවරණයක ප්රචාරක වියදම් සඳහා විවිධ පාර්ශ්ව පරිත්‍යාග ලෙස මුදල් හෝ භාණ්ඩ හෝ සේවා පරිත්‍යාග ලෙස ලබාදෙන බව නොරහසකි. පනතේ 5 වැනි වගන්තිය අනුව පහත මූලාශ්‍රවලින් මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා පරිත්‍යාග භාර ගැනීම තහනම් වේ. එනම් රජයේ හෝ රාජ්‍ය සංස්ථාවක හෝ රජයට කොටස් යම් ප්‍රමාණයක් හිමි සමාගමකින්, විදේශීය රාජ්‍යයකින්, ජාත්‍යන්තර සංවිධානයකින් හෝ ශ්‍රී ලංකාවෙන් බැහැර සංස්ථාගත කරනු ලැබූ හෝ ලියාපදිංචි කරනු ලැබූ පුද්ගල මණ්ඩලයකින්, ඍජුව හෝ වක්‍රව සියයට පනහකට වඩා විදේශ කොටස් හිමිකාරත්වයක් සහිත ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරන ලද පෞද්ගලික සමාගම්වලින්, අනන්‍යතාවේ හෙළිදරව් නොකරන තැනැත්තන්ගෙන් පරිත්‍යාග සහ වියදම් භාරදීමේ ක්‍රමයක් ඇත.
මේ වගකීම පිළිබඳව 6 (1) වගන්තිය මඟින් සඳහන් වේ. මැතිවරණයට ඉදිරිපත් වන සෑම දේශපාලන පක්ෂයක් විසින්ම, ස්වාධීන කණ්ඩායමක් විසින්ම සහ අපේක්ෂකයකු විසින්ම එම මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කළ දින සිට දින 21ක් ඇතුළත මැතිවරණ වියදම් පිළිබඳ වාර්තා අදාළ තේරීම් භාර නිලධාරියා වෙත භාරදිය යුතුය.
දේශපාලන පක්ෂ සම්බන්ධ වාර්තාව දේශපාලන පක්ෂයේ ලේකම්වරයා විසින්ද, අපේක්ෂකයාට අදාළ වාර්තා අපේක්ෂකයා විසින්ද භාරදිය යුතු වේ. එම වාර්තාවට එම වාර්තාවේ සඳහන් කරුණු සත්‍ය බවට අදාළ පුද්ගලයා අත්සන් කර සාමදාන විනිශ්චයකාරවරයකු විසින් එම අත්සන සහතික කරන ලද ප්‍රකාශයකින් ද සමන්විත විය යුතුය.
බිල්පත්
මැතිවරණ වියදම් වාර්තාවට ඇතුළත් කළ යුතු වියදම් 6 (5) වගන්තිය මඟින් දක්වා ඇත. ඒ අනුව මැතිවරණයට අදාළ ප්රචාරක දැන්වීම්, අත්පත්‍රිකා, ධජ, සිතුවම්, ඡායාරූප, දැන්වීම් පත්‍ර හෝ පෝස්ටර් මුද්‍රණය කිරීම, ප්‍රකාශයට පත් කිරීම, ඇලවීම, ප්‍රදර්ශනය කිරීම හෝ නිරූපණය කිරීම සඳහා කරන වියදම්, ප්රචාරක දැන්වීම් නිෂ්පාදනය කිරීම සහ ගුවන්විදුලියේ හෝ රූපවාහිනියේ ප්‍රචාරය කිරීම සඳහා දරන වියදම්, ප්රචාරක දැන්වීම් නිෂ්පාදනය කර පුවත්පත්වල, වාර සඟරාවල, සමාජ මාධ්‍යවල, ඩිජිටල් පුවරු හෝ වෙනත් ඕනෑම ඩිජිටල් මාධ්‍යයක හෝ වෙනත් ප්රකාශනවල ප්‍රකාශයට පත් කිරීම සඳහා කරන ලද වියදම්, රැස්වීම් පැවැත්වීම සඳහා යම් පරිශ්‍ර හෝ උපකරණ කුලියට ගැනීම හෝ භාවිත කිරීම සඳහා දරන ලද වියදම්, අපේක්ෂකයාගේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් වාහන කුලියට ගැනීම සඳහා වන වියදම් හැර ඒ මැතිවරණයට අදාළ කටයුතු සඳහා වාහන කුලියට ගැනීමේ වියදම් සහ ඒ වාහන ධාවනයට ඉන්ධන සැපයීම සඳහා දරන ලද වියදම් ඇතුළත් විය යුතුය.
මෙම වියදම් සඳහා ගෙවීම් සිදුකළේ ද නැත්ද යන්න පිළිබඳව තහවුරු කරන බිල්පත් හා කුවිතාන්සි සමඟ ඉහත සේවා ගෙවීමක් රහිතව ලබාගෙන ඇත්නම් එම සේවාව ලබාගත් තැනැත්තාගේ නම, ලිපිනය ඇතුළත්ව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් වියදම් වාර්තා ඉදිරිපත් කළ යුතුය. මේ ආකාරයට මුදල් වියදම් කිරීමට මෙන්ම ඒවා තමන්ට ලැබෙන ආකාරය සියලු දෙනා වාර්තා කළ යුතුය. මැතිවරණ නීති රීති උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන ක්‍රියාවන්ට නීත්‍යනුකූලව ලබාදිය යුතු දඬුවම් පිළිබඳව පනතේ දක්වා ඇත. ඉතා වටිනා පනතක් වන මෙය යථාර්ථවාදී ලෙස ක්‍රියාත්මක කර ගැනීම සමාජයේ සියලුම පුරවැසියන්ගේ යහපත සඳහාම වනු ඇත.
ජයසිරි මුණසිංහ