Home Politics News Room : එදා සිට අද දක්වා ජනපතිවරණ මතක

News Room : එදා සිට අද දක්වා ජනපතිවරණ මතක

1
0

වාතාවරණය මැද 1988 ජනපතිවරණයේදී ආර්. ප්‍රේමදාස මහතා ඡන්ද 25,65,199ක් ලබාගත් අතර සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ඡන්ද 22,69,866ක් ලබා ගත්තාය. ඔසී අබේගුණසේකර ලබා ගත්තේ ඡන්ද 2,25719කි.

ප්‍රේමදාස සමඟ බණ්ඩාරනායක මැතිනිය අතර පරතරය ඡන්ද 280,000ක් පමණය. විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ සටනකට අද අපේ රට මුහුණ දී තිබේ. මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 39 දෙනෙක් ඉදිරිපත්ව සිටිති.

2019 ජනාධිපතිවරණයට අපේක්ෂකයයෝ 35 දෙනෙක් ඉදිරිපත්ව සිටියහ. එහෙත් සටන තිබුණේ තිදෙනෙක් අතරය. 2010 ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෝ 22 දෙනෙක් ඉදිරිපත් වූහ. 2015දී අපේක්ෂකයෝ 19ක් ඉදිරිපත් වූ අතර, 1999 දීත් 2005 දීත් අපේක්ෂකයන් 13 දෙනා බැගින් ඉදිරිපත්ව ඇත. මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39 දෙනෙකි.

ජයග්‍රහණය කිරීමට නොහැකි බව දැන දැනම මෙසේ අපේක්ෂකයන් ඉදිරිපත් වීමට හේතු සේ අනාවරණය වී ඇත්තේ ඉදිරි මහාමැතිවරණය සඳහා අපේක්ෂකයන් සේ සැලකීමය.

සමහරු ඉදිරිපත් වන්නේ ප්‍රධාන අපේක්ෂකයකු වෙනුවෙන් කරන අනුග්‍රහයක් ලෙසය.

ප්‍රධාන අපේක්ෂකගේ ඉල්ලීම පරිදි අනෙක් අපේක්ෂකයකුගේ ඡන්ද ගොඩෙන් කොටසක් කැඩීම සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයෝ ද සිටිති. ලැබෙන ගුවන් කාලය, රූපවාහිනී කාලය, මැතිවරණ රැලි සූදානම් කිරීම තමන්ගේ අනුග්‍රාහකත්වය හිමිවන අපේක්ෂකයා වෙනුවෙන් යෙදවීමට ද සමහරු ඉදිරිපත් වෙති.

1982 ජනාධිපතිවරණයට ප්‍රජා අයිතිය අහෝසි කර තිබීම නිසා ශ්‍රීලනිප නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට එයට ඉදිරිපත් වීමට තහංචි පැනවී තිබිණි. ශ්‍රීලනි පක්ෂයෙන් ජනපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන කතාබහක් තිබිණි. ශ්‍රීලනිපය තුළ අර්බුද උග්‍රව තිබීම ද හේතුවකි.

ශ්‍රීලනිප ජනපතිවරණයට ඉදිරිපත් නොවන බව මැතිනියගේ පැත්තෙන් කියැවිණි. ලංකා සමසමාජ පක්ෂයට ද ඒ පිළිබඳව පවසා තිබිණි.

මේ නිසා එජාපයට තරගයකින් තොරව ජනපති පදවිය දීම ප්‍රගතිශීලී සහ වමේ කොටස්වලට නොදිරවීය.

‘කොල්වින් සුදුස්සා’ කියමින් ලසසපය රට පුරා පෝස්ටරයක් ප්‍රදර්ශනය කළේ මේ නිසාය. එයට කිසිවකුගේ විරෝධයක් නොවිණි. ශ්‍රීලනිපය තීන්දුව වෙනස් කර අපේක්ෂකයකු ඉදිරිපත් කරාවිදැයි ලසසපය විමසිලිමත් විය. එවැන්නක් නොවීය. ලසසපය ජනාධිපතිවරණයට ජේ. ආර්. සමඟ තරගයට කොල්වින් ඉදිරිපත් වීමට තීරණය ගෙන පක්ෂයේ සංවිධානවලට සහ සියලු කොටස්වලට දැන්වීය.

මේ සියල්ල සිදු වෙද්දී නිද්‍රාශීලීව සිටි ශ්‍රීලනිපයේ කණ්ඩායමක් හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ජනපතිවරණයට ඉදිරිපත් කිරීමට තීන්දු කළහ. ඒ බව ඉලංගරත්න මහතා විසින් ප්‍රසිද්ධ රැස්වීමකදී ප්‍රකාශ කළේය. මෙය ශ්‍රීලනිපය දෙකට පුපුරා ගොස් එකට සිටි අවධියකි. එවැනි තීන්දුවක් ගෙන නැතැයි මැතිනිය කීවාය. එහෙත් මැතිනියගේ හඬ යටපත් කර ශ්‍රීලනිපයේ ප්‍රගතිශීලී පිල කොබ්බෑකඩුව මහතා ඉදිරිපත් කිරීමේ තීන්දුවට ආහ.

1982 ජනපතිවරණයේ එජාප අපේක්ෂක ජේ. ආර්. ජයවර්ධන මහතා සමඟ ශ්‍රීලනිපයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ඉදිරිපත් කළේ ඒ අනුවය. කොල්වින් ආර්. ද සිල්වා මහතාට පෙරට තැබූ පය ආපසු ගන්නට ලසසප බොහෝදෙනා ඉඩ නුදුන්හ. මේ නිසා එම ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන අපේක්ෂකයන් මෙසේය.

ජේ. ආර් ජයවර්ධන (එජාප), හෙක්ටර් කොබ්බෑකඩුව (ශ්‍රීලනිප), ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා (ලසසප), රෝහණ විජේවීර (ජවිපෙ), වාසුදේව නානායක්කාර (නසසප)

1982 මෙම ජනපතිවරණයෙන් ජේ. ආර්. ජයවර්ධන මහතා ජය ගත්තේය.

අපේක්ෂකයන් අඩුම ගණනක් ඉදිරිපත් වූ ජනාධිපතිවරණය 1988 ජනපතිවරණයයි. රටේ තිබූ භීෂණකාරී තත්ත්වය එයට හේතු විය. ජනතා විමුක්ති පෙරමුණ ඒ වන විට තහනම් කර තිබීමෙන් ඔවුන්ට අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට නොහැකි විය. මේ අතර ජේ. ආර්. ට විරුද්ධව පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සඳහා සාකච්ඡා ඇතිවිය. සාකච්ඡා සාර්ථක නොවීම නිසා ජවිපෙ ඉන් ඉවත් විය. ජවිපෙට ඉදිරිපත් වීමට නොහැකි වීම මත ඡන්දය වර්ජනය කරන ලෙස ඔවුන් ජනතාවගෙන් සහ දේශපාලන පක්ෂවලින් ද ඉල්ලීය. එම ඉල්ලීම නොසලකන අයට මරණ දඬුවම දෙන බව දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ප්‍රචාරය කළේය. ඡන්දය ප්‍රකාශ කරන්නට ගිය සමහරෙක් වෙඩි ප්‍රහාරවලට ලක්වූ බව ද වාර්තා විණි.

භීෂණකාරී තත්ත්වය නිසා 1988 ජනපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් ගණන තුනකි. ඒ එක්සත් ජාතික පක්ෂයෙන් ආර්. ප්‍රේමදාස, ශ්‍රීලනිපයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක සහ ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් ඔසී අබේගුණසේකර මහතාත්ය. 1988 ජනපතිවරණයේදී ජවිපෙ තහනම් කර තිබූ නිසා ශ්‍රීලනිපය හා පොදු අපේක්ෂකයෙක් ජනපතිවරණයට ඉදිරිපත් කරන්නට සාකච්ඡා පැවැත්විණි. ජවිපෙන් මේ සඳහා සම්බන්ධ වූයේ හිටපු ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ සහ ඩී. ඇම්. ඇනස්ලිය. අනුර බණ්ඩාරනායක මහතා ඇතුළු පිරිසක් ශ්‍රීලනිපයෙන් සහභාගි වූහ. සාකච්ඡා වට හතරක් පැවැත්විණි.

අනතුරුව අනුර බණ්ඩාරනායක මහතා කීවේ මේ සාකච්ඡා බොරුවක්. ඔවුන් අපව කැඳවාගෙන වල්පල් කතාකර නැවත දිනයක් දමාගෙන විසිර යනවා කියාය.

භීෂණකාරී වාතාවරණය මැද 1988 ජනපතිවරණයේදී ආර්. ප්‍රේමදාස මහතා ඡන්ද 25,65,199ක් ලබාගත් අතර සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ඡන්ද 22,69,866ක් ලබා ගත්තාය. ඔසී අබේගුණසේකර ලබා ගත්තේ ඡන්ද 2,25719කි.

ප්‍රේමදාස සමඟ බණ්ඩාරනායක මැතිනිය අතර පරතරය ඡන්ද 280,000ක් පමණය. ඔසී වෙනම ඉදිරිපත් නොවී නම් ඒ ඡන්දවලින් වැඩි ප්‍රමාණය ලැබෙන්නේ බණ්ඩාරනායක මැතිනියටය. දෙකොන් සටනක් කෙළවරට වී නම් බණ්ඩාරනායක මැතිනියට ජයග්‍රහණය කළ හැකි බවට මහජන මතයක් ගොඩනැඟී ඇයට වාසිසහගත වීමට ඉඩ තිබිණි.

ඔසී ඉදිරිපත් නොවී නම් බණ්ඩාරනායක මැතිනිය ජයග්‍රහණය කරනු ඇත යන්න ජනතා හැඟීම විය. ඔසී ඉදිරිපත් කළේ මැතිනියගේ ඡන්ද කැඩීමට ප්‍රේමදාස මහතා විසින්ම බවට ද කතාබහ පැතිර ගියේය.

භීෂණය මැද මැතිනියගේ මොනරාගල, පොලොන්නරුව, ගම්පහ, රත්මලාන ආදී රැස්වීම් වේදිකාවලට පහරදීම්, බෝම්බ ගැසීම් සිදු විය. ජවිපෙ පැත්තෙනුත්, ආණ්ඩු පැත්තෙනුත් භීෂණ ක්‍රියා සිදු කරන්නට වීම නිසා මේවා කාගේ වැඩ ද යන්න ගැටලුකාරී විය. ඡන්ද පෙට්ටි ඉස්සීම, පැහැර ගැනීම, ඡන්දය දමන්නට එන අයට පහරදීම් ආදිය බහුලව සිදු විය. අපේක්ෂකයෙක් සියයට 50ට වැඩිපුර නොගත්තේ නම් දෙවැනි වටය ගණන් කිරීමට සිදුවෙයි. මෙම ජනාධිපතිවරණයේ ප්‍රේමදාස මහතාගේ ඡන්ද ප්‍රමාණය සියයට 50.4ක් වීම නිසා ඊළඟ වටයක් ගණන් කිරීමට අවශ්‍ය නොවීය. ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළේය.

දයා සෝමසිරි භීෂණකාරී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here