Home Politics News Room : ජන­තාව අප කෙරෙහි තබන විශ්වා­සය අබ­මල් රේණු­ව­කි­න්වත් නැති වෙන්න...

News Room : ජන­තාව අප කෙරෙහි තබන විශ්වා­සය අබ­මල් රේණු­ව­කි­න්වත් නැති වෙන්න ඉඩ තියන්නේ නෑ

0
0

ජාතික ජන බල­වේ­ගය වෙත ජන­තාව තබා ඇති විශ්වා­සය අබ­මල් රේණු­ව­කි­න්වත් නැති වෙන්න ඉඩ නොත­බන බව ජාතික ජන බල­වේ­ගයේ ජනා­ධි­පති අපේ­ක්ෂක අනුර දිසා­නා­යක මහතා පැවැ­සීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, ‘රට අනු­රට’ ජාතික ජන බල­වේ­ගයේ තඹු­ත්තේ­ගම රැලි­යට පසු­ගිය 09 වැනි දින සහ­භාගි වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“මීට කලින් මේ මැති­ව­රණ පොරය තිබුණේ ඒ අයගෙ පවුල් කිහි­ප­යක් අත­ර­මයි. අද එය වලව් කිහි­ප­යක් සහ පොදු ජන­තාව අතර සට­නක් බවට පත්වෙලා. ජාතික තලයේ සිට ගම දක්වා මේ සටන විහිදී තිබෙ­නවා. මෙතෙක් මේ රට පාල­නය කළේ පවුල් කිහි­ප­යක් විසින්. ඒත් කමක් නෑ, රටට යමක් කළා නම්. ජන­තාව දුක් පීඩා­වෙන් මුදා­ගත්තා නම්. දශක ගණ­නා­වක් මා ඇතුළු ඔබ මේ ව්‍යස­නය දිහා බලන් හිටියා. අපි පොඩි මිනිස්සු. හැබැයි අධි­ෂ්ඨා­න­ශීලි මිනිස්සු. අර­මුණ අත්නො­හ­රින මිනිස්සු.

මම මේ දේශ­පා­ලන ගමන පටන් ගත්තේ 1988දී, තඹු­ත්තේ­ගම මධ්‍ය මහා විද්‍යා­ලයේ ඉගෙන ගන්න කාලයේ සිටයි. එතැන් සිට දැන් අවු­රුදු 36ක් ගත වී තිබෙ­නවා. අපි විවිධ මර්ද­න­ව­ලට මුහුණ දුන්නා. අපේ ඇස් ඉදි­රි­පිට අපේ යහ­ළු­වන් මිය ගිය හැටි අපි දැක්කා. මර­ණය අපේ එළි­ප­ත්තට ආවා. ඒත් මේ රටත් ජන­තා­වත් මේ ව්‍යස­න­යෙන් මුදා­ගැ­නීමේ අධි­ෂ්ඨා­නය අපි අත්හැ­රියේ නෑ. 1994දී නැවත යාන්තම් අපි නැඟි­ටින්න පටන් ගත්තා. අපට ජය­ග්‍ර­හණ ආවා. පසු­බෑම් ආවා. සම­හරු අපව අත්හැ­රලා ගියා. අපට අව­ලාද නැඟුවා. අප පිළි­බ­ඳව අසත්‍ය තොර­තුරු එන්න, කුම­න්ත්‍රණ කරන්න පටන් ගත්තා. ඒත් අපගේ මේ ව්‍යායා­මය කවදා කොතැ­නක හෝ ජය­ග්‍ර­හ­ණය කර­නවා කියන දැඩි අධි­ෂ්ඨා­නය අපි අත­හැ­රියේ නෑ. මේ අවු­රුදු 36 ඇතු­ළත අවු­රුදු 24ක් මම පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කර­නවා.

අපි මේ දේශ­පා­ල­න­යෙන් සත­යක් උප­යා­ගෙන නැති පිරි­සක්. මහ­ජ­න­යාගේ ධනය අපි සත­යක් නාස්ති කර නෑ. අපි කිසි­වෙක් තමන්ට පෞද්ග­ලි­කව යමක් උප­යා­ගැ­නීමේ චේත­නා­වෙන් දේශ­පා­ල­නය කරන මිනිස්සු නෙවෙයි. අපිත් විශ්ව­වි­ද්‍යා­ල­වල ගිහිල්ලා උපාධි ලබ­නවා. රැකි­යා­වක් කරලා පෞද්ග­ලි­කව යම් ජීවන තත්ත්ව­යක් අනුව ජීවි­තය ගෙන­යන්න පුළු­වන් මිනිස්සු. මේ වේදි­කාවේ ඉන්න වසන්ත සම­ර­සිංහ සහෝ­ද­ර­යා­ටත් එහෙ­මයි. අපට අපේ පෞද්ග­ලික ජීවිත සුඛිත කර ගන්න අධ්‍යා­ප­නය පැත්තෙ­නුත් පාර­වල් තිබුණා. දේශ­පා­ලන පැත්තෙ­නුත් පාර­වල් තිබුණා. නමුත් මේ රටත් ජන­තා­වත් මේ ව්‍යස­න­යන් ගලවා ගැනීමේ සද්කාර්ය ඉවත දමන්න අපට යුක්ති­ස­හ­ගත අයි­ති­යක් නෑ. මේ ඈත ගම්වල මිනිස්සු කොත­රම් පිරි­සක් දුප්ප­ත්භා­ව­යෙන් පෙළෙ­නවා ද? අපේ ඥාතීන්, මිතු­රන් මේ දුප්ප­ත්භා­වයේ ගිලිලා ජීවිත නැති­කර ගත් අවස්ථා අපි දැක තිබෙ­නවා. මහා විශාල බලා­පො­රොත්තු ඇතිව හදන තමන්ගේ දරු­වාට නිසි අධ්‍යා­ප­න­යක් දීමට නොහැ­කිව තමන්ගේ දෑස් ඉදි­රි­පි­ටම විනාශ වෙන හැටි බලා­ගෙන හූල්ල හූල්ල ඉන්න මවු­පි­යන්ට සිදු වෙලා. මේ ගම්වල මොන­ත­රම් කාන්තා­වන් තම දරු­වන් දාලා, ස්වාමි පුරු­ෂ­යන් දාලා මැද­පෙ­ර­දිග ගෘහ සේව­යට ගිහිල්ලා තිබෙ­නවා ද? ඒ පවු­ල්ව­ලින් කොච්චර ප්‍රමා­ණ­යක් විනාශ වෙලා තිබෙ­නවා ද? මැද­පෙ­ර­දිග ගිය අපේ අම්මලා අක්කලා අනේක විධ දුක්ඛ දෝම­න­ස්ස­යන්ට මුහුණ දෙනවා. අපි එවැනි දේ දැක තිබෙ­නවා.

අපේ ගම්වල මිනි­සුන්ගේ ජීවි­තය මොකක්ද? ඉප­දෙ­නවා, මොනවා හරි කර­නවා, ඔහේ මිය­ය­නවා. අපට උරුම විය යුත්තේ එහෙම ජීවිත ද? නෑ. අපේ ජන­තා­වට තම ජීවිත කාලයේ සතු­ටින් හොඳ ආහාර වේලක්, නීරෝගි සම්පන්න ජීවි­ත­යක්, විනෝ­ද­යක්, සතු­ටක් ඕනෙ නැද්ද? ඒ ජීවි­තය උරුම එක් පැළැ­න්ති­යට විතර ද? අපේ ගම්වල මිනි­සුන්ට ඒ ජීවි­තය උරුම නැද්ද? ඔබ ඇති­වෙ­න­කල් මේ මහ පොළොව සමඟ පොර­බ­ද­නවා. අස්වැන්න විකුණා ගන්න කොච්චර දුක් විඳි­නවා ද? නමුත් ඒ අය උඩ ඉඳ­ගෙන මහා භාණ්ඩා­ගා­රයේ ධනය හොර­කම් කරන්නේ කොහො­මද කියලා සැල­සුම් කර­නවා. ඔබ ගෙයක් හදා­ගන්න කොච්චර වද විඳි­නවා ද? ඒ අය එක ඩීල් එකෙන් කොළඹ අති­සු­ඛෝ­ප­භෝගී, එපා­ට්මන්ට් ගන්නවා. එක ගනු­දෙ­නු­වෙන් ඩුබා­යි­ව­ලින්, එංග­ල­න්තෙන්, ඔස්ට්‍රේ­ලි­යා­වෙන් ගෙවල් ගන්නවා. අමෙ­රි­කාවේ ගෙවල් ගන්නවා. ඔබ ඒ අයට බලය දෙනවා. ඔබලා පීඩ­න­යට පත් කර­නවා. ඒ අය රටේ ධනය පොදි­ගහ ගන්නවා. ඒකයි මේ ක්‍රමය. මේක අපි කුඩා කාල­යේදී මේ තරම් ගැඹු­රෙන් දැක්කේ නෑ. නමුත් අපිට ආසා­වක් තිබුණා, මේ දේශ­පා­ල­නය වෙනස් කරන්න ඕනෙ කියලා. ඔය හැමෝ­ගේම පැටි­කි­රිය මම හොඳින්ම දන්නවා. ඔවුන් නිත­රම තමන්ට, තමන්ගේ පවු­ලට පාර කපා­ගන්නේ කොහො­මද කියලා බල­නවා.

මේවා අපි ඇස් ඉදි­රි­පිට දැකපු දේවල්. අපිත් සමඟ හිටපු යාළු­වන්ගේ ජීවිත කෙළ­වර වූ හැටි අපි අපේ ඇස් ඉදි­රි­පි­ටම දැකපු මිනිස්සු. අපට තේරෙ­නවා නම්, දැනෙ­නවා නම්, අපට මනු­ෂ්‍ය­ත්වය තිබෙ­නවා නම්, හෘදය සාක්ෂි­යක් තිබෙ­නවා නම්, මෙය වෙනස් කිරී­මට ජීවි­තය පර­දු­වට තබා සටන් වදින්න, දේශ­පා­ලන ව්‍යාපා­ර­යක කොට­ස්ක­රු­වන් වෙන්න අපට අයි­ති­යක් නැද්ද? මම එහෙම සටන් වදින දේශ­පා­ලන ව්‍යාපා­ර­යක කොට­ස්ක­රු­වක්. මේ රට පොහො­සත් රටක් බවට පත් කරන්න අපට අයි­ති­යක් නැද්ද?

ලෝකය දියුණු වෙනවා. අපි හිඟා කනවා. අඩුම තරමේ 60 – 70 දශ­කයේ පොඩි කර්මාන්ත පද්ධ­ති­යක් ගොඩ­නැ­ඟෙ­මින් ආවා. ඒ ඔක්කොම මේ පාල­ක­යන් විනාශ කර දැම්මා. ඔක්කොම දේවල් පිට­ර­ටින් ගේන්න පටන් ගත්තා. ඉන්දි­යාව කර්මාන්ත හද­නවා. අපි කර්මාන්ත වහ­නවා. මේ පාල­ක­යන්ට අපේ රටේ නිෂ්පා­ද­නය වැඩි කරන්න කව­දා­වත් ඕනෙ වුණේ නෑ.

අපේ ගම්වල ජන­තාව සමඟ අපට ඇත්ත බැඳී­මක් තිබෙ­නවා නම්, සැබෑ ළෙන්ග­තු­ක­මක් තිබෙ­නවා නම්, මේ තත්ත්වය වෙනස් කරන්න අපි පොර­බැ­දිය යුතු නැද්ද? අද අපට තීර­ණා­ත්මක අව­ස්ථා­වක් ඇවිත් තිබෙ­නවා. මේ රටට වින කළ, මේ රට විනාශ කළ පාලක කණ්ඩා­යම් නිශ්චිත වශ­යෙන්ම පලවා හැරලා පොදු ජන­තා­වගේ ආණ්ඩු­වක් හදන්න ඕනෙ. අපි අනි­වා­ර්යෙන්ම එවැනි පන්නයේ ආණ්ඩු­වක් හද­නවා. මේ සෑම පැත්තෙන්ම දහස් ගණ­නා­වක ජන­තා­වක් මෙතැ­නට ඇවිල්ලා තිබෙන්නේ මොක­ටද? ඔබට අප කෙරෙහි විශ්වා­සය තිබෙ­නවා. ළෙන්ග­තු­කම අප කෙරෙහි ඇති වෙලා තිබෙ­නවා. අපි සමඟ බැඳී­මක් ඇති වෙලා තිබෙ­නවා. මම ඔබට සහ­ති­ක­යක් දෙනවා. ඔබ අප කෙරෙහි තබා තිබෙන විශ්වා­සය හා ළෙන්ග­තු­කම අබ­මල් රේණු­ව­කි­න්වත් නැති වෙන්න අපි ඉඩ තබන්නේ නෑ.”

ජාතික ජන බල­වේ­ගයේ ජාතික විධා­යක සභික වසන්ත සම­ර­සිංහ මහතා,

“අද මෙතැන එකතු වෙලා ඉන්න දහස් සංඛ්‍යාත ජන­තාව මීට පෙර විවිධ පක්ෂ­ව­ලට සහාය දී, ඡන්ද දී වැඩ කළ අය. ඒ ඔක්කොම එකට එකතු වෙලා අද රටට දෙන පණි­වි­ඩය මොකක්ද? ඒ 21 වැනි­දාට නියත වශ­යෙන්ම අනුර කුමාර සහෝ­ද­රයා ජනා­ධි­පති ලෙස තෝරා පත් කරන්න ඔක්කොම එකතු වෙලා රොද බැඳ­ගෙන ඡන්දය දෙන්න සූදා­නම් බවයි.

‍ මේ 21 වැනි­දාට අනුර කුමාර සහෝ­ද­රයා මේ රටේ ජනා­ධි­ප­ති­ව­රයා බවට පත්වෙන බව සහ­ති­කයි. ඉන්පසු ජාතික ජන බල­වේ­ගයේ ආණ්ඩු­වක් මේ රට තුළ පිහි­ටු­ව­නවා ඒකා­න්තයි.”

උපාලි කරු­ණා­රත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here