Home Local News Room : IMF කොන්දේසි ඉටුකිරීමට බාධාවක් ඇවිත්! විගණකාධිපතිත් අවුලක! VIDEO

News Room : IMF කොන්දේසි ඉටුකිරීමට බාධාවක් ඇවිත්! විගණකාධිපතිත් අවුලක! VIDEO

10
0

රජයේ ආයතන රැසක මූල්‍ය ප්‍රකාශන නියමිත කාලසීමාවේදී භාර නොදීමෙන් විගණන කටයුතුවලට බාධා මතුව ඇතැයි විගණකාධිපති ඩබ්ලිව්. පී .සී. වික්‍රමරත්න මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, රාජ්‍ය ආයතන සෑම වසරකම පෙබරවාරි 28 වැනි දින වන විට සිය මූල්‍ය ප්‍රකාශයන් විගණනය සඳහා ඉදිරිපත් කළ යුතු බවයි.

අදාළ රාජ්‍ය ආයතන භාර, අමාත්‍යංශ ලේකම්වරුන් විසින් එම මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු වන අතර විගණකාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ඇතැම් රාජ්‍ය ආයතන වසර 5 ක මුල්‍ය ප්‍රකාශ එකවර ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවය.

එය නිවැරදි ක්‍රියාවලියක් නොවන බැවින් තමාට එම වාර්තා භාර ගැනීමට නොහැකි බව ද, විගණකාධිපතිවරයා සඳහන් කළේ ය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, මූල්‍ය ප්‍රකාශයන් භාරදීම ප්‍රමාදවීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද මෙරටට ණය ප්‍රදානය කිරීමේදී පනවා ඇති කොන්දේසි ඉටු කිරීමට ද බාධා එල්ල විය හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here