Home Local News Room : ඩීසල් තොග අවසන්.. RM Park බෙදිල්ල අත්හිටුවයි..

News Room : ඩීසල් තොග අවසන්.. RM Park බෙදිල්ල අත්හිටුවයි..

6
0


ආර්
.එම්.
පාක් (RM
Parks) සමාගමට
අයත් පිරවුම්හල් සඳහා ඩීසල්
ඇනවුම් ලබාදීම අත්හිටුවීමට එම සමාගම තීරණය
කර ඇති බව පොදුජන ප්‍රගතිශීලී
සේවක සංගමයේ ලේකම් බන්දුල
සමන් කුමාර මහතා පවසයි
.

ලේකම්වරයා
පෙන්වා දෙන්නේ මේ මස
16
වනදා දක්වා
ඩීසල් ඇනවුම් කිරීමෙන් වළකින
ලෙස එම සමාගම සිය බෙදුම්කරුවන්ට
පණිවිඩයක් මගින් දැනුම් දී
ඇති බවයි
. 

ලබන
16 වනදා
ඉන්ධන රැගත් නැවක් පැමිණීමට
නියමිත වුවද
, එය
ගොඩබෑම සඳහා තවත් දින කිහිපයක්
ගතවන බැවින් ඉදිරි දින කිහිපය
තුළ වෙළඳපොළේ ඩීසල් හිඟයක්
නිර්මාණය වීමේ අවදානමක් පවතින
බව ඔහු අනතුරු අඟවයි
.

මෙම තත්ත්වය
පිළිබඳ වැඩිදුරටත් අදහස්
දක්වමින් බන්දුල සමන් කුමාර
මහතා ප්‍රකාශ කළේ
, ලංකාවේ
ඉහළම අලෙවියක් ඇති පිරවුම්හල්
ආර්
.එම්.
පාක් සහ
සිනොපෙක් වැනි පෞද්ගලික සමාගම්
වෙත ලබා දී ඇති බවයි
. එම
පිරවුම්හල්වල ඉන්ධන හිඟයක්
ඇති වූ විට
, පාරිභෝගික
ජනතාවට ඉන්ධන සැපයීමේ සම්පූර්ණ
බර සහ වගකීම නැවත වතාවක් ලංකා
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව
(CPC) වෙත
පැවරෙන බව ඔහු පෙන්වා දෙයි
.

“ඛනිජ තෙල්
නීතිගත සංස්ථාව මෙරටට ඉන්ධන
රැගෙන එන්නේ මෙට්‍රික් ටොන්
35,000 – 40,000 වැනි
විශාල නැව් මගින්
. නමුත්
පෞද්ගලික සමාගම් බොහොමයක්
රැගෙන එන්නේ මෙට්‍රික් ටොන්
15,000 – 20,000 වැනි
කුඩා ප්‍රමාණයේ නැව්
,”
යැයි ඔහු
සඳහන් කළේය
.

ඉන්ධන වෙළඳපොළ
පෞද්ගලීකරණය කිරීම හරහා රටේ
පවතින ඩොලර් අර්බුදයට විසඳුමක්
ලැබෙනු ඇතැයි රජය බලාපොරොත්තු
වූවත්
, එම
අපේක්ෂාවන් මේ වන විට ඉටු වී
නොමැති බවද හෙතෙම අවධාරණය
කරයි
. පෞද්ගලික
සමාගම් හරහා නිසි පරිදි ඉන්ධන
සැපයුම පවත්වාගෙන යාමට නොහැකි
වීම තුළින් පෞද්ගලීකරණ
ක්‍රියාවලියේ පවතින ගැටලු
සහගත තත්ත්වය නැවත වරක් තහවුරු
වී ඇති බව ලේකම්වරයා වැඩිදුරටත්
පැවසීය
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here