මෙම සිදුවීමට අදාළ ප්‍රධාන කරුණු ලෙස, තොරතුරට අනුව අදාළ නිවෙසේ ගරාජය දෙසින් ඇතුළු වූ අවස්ථාවේ පඩිපෙළ මත භාවනා කරන ඉරියව්වෙන් වාඩි වී සිටි දැරියගේ සිරුරේ ඇඳුම් තිබී නොමැති අතර ඇයට බෙඩ්ෂීට් එකක් පොරවා තිබූ බව සාක්ෂිකාරිය සඳහන් කළාය. දැරියගේ ගෙල, පපුව, දෑත් සහ පාදවල පිළිස්සුම් තුවාල දක්නට ලැබුණු අතර, ඇය තමාගෙන් වතුර ඉල්ලූ බවත්, පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇය මියගොස් ඇති බව පසුව දැනගත් බවත් ඇය ප්‍රකාශ කළාය.
බාලවයස්කාර දැරියක් මෙහෙකාර සේවයේ යොදා ගනිමින් කෲරත්වයට පත් කිරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍යවරයාගේ බිරිය වන ශෙයාබ්දීන් අයේෂා සහ මාමණ්ඩිය වන මොහිදීන් ශෙයාබ්දීන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇති අතර, විත්තිකාරියගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දී ඇත. මෙම නඩුව ඔක්තෝබර් 21 වැනි දින යළි කැඳවීමට නියමිතය.
මේ පුවත තව අයට බලන්න