Home Local News Room : විනිසුරු වයසට ජනමත විචාරණයකට සූදානම්… ~

News Room : විනිසුරු වයසට ජනමත විචාරණයකට සූදානම්… ~

1
0
සියලුම අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණය කිසිසේත්ම හකුළා නොගන්නා බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අවධාරණය කරයි.  මෙම තීරණය සම්බන්ධයෙන් යම් හෙයකින් ජනමත විචාරණයකට යාමට අවශ්‍යතාවක් පැන නැගුණහොත් ඒ සඳහා ද රජය සූදානම් බව අමාත්‍යවරයා පවසා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය යටතේ ජනමත විචාරණයකට යා යුතු හේතු පැහැදිලිව දක්වා ඇති බවත්, ඒ පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

කවුරුන් කුමන තර්ක ඉදිරිපත් කළ ද, මෙම සංශෝධනය සම්බන්ධයෙන් අවසාන තීරණය ගැනීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණය සතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීරණය අනුමත කරනු ලැබුවහොත් එය පිළිගැනීමට සියලු දෙනාට සිදු වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here