Home Local News Room : “අනුර නමට ජනාධිපති, රට පාලනය කරන්නේ පැලවත්තේ ටිල්වින්” ~

News Room : “අනුර නමට ජනාධිපති, රට පාලනය කරන්නේ පැලවත්තේ ටිල්වින්” ~

2
0
වර්තමානය වන විට කිසිදු මහජන වරමක් නොමැති පැලවත්තේ ටිල්වින් සිල්වා රට පාලනය කරන අතර අනුර දිසානායක මහතාට නාමික ජනාධිපතිවරයෙක් වශයෙන් පමණක් කටයුතු කිරීමට සිදුව ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාවලපිටිය ප්‍රධාන සංවිධායක වශයෙන් පත්වීම් ලද ඔහු මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ මේ වනවිට රට අරාජික තත්ත්වයට පත්වෙමින් පවතින බවය.

තවදුරටත් අදහස් පළ කළ හිටපු මන්ත්‍රිවරයා මෙසේද කීය.

“අද මහනුවර දිස්ත්‍රික්කයම ඉතාමත් කණගාටුදායක තත්ත්වයකට පත්වෙලා. මධ්‍යම පළාතට ආණ්ඩුකාරයෙක් නැහැ. ආණ්ඩුකාර ලේකම්වරයෙක් නැහැ. සියලුම පරිපාලන කටයුතු අවුල් වෙලා තියෙන්නේ. ජාතික ජනබලවේගයෙන් මහනුවරට පත් වූ මහජන නියෝජිතයෝ අද දකින්නවත් නෑ. ඒ අය සත්මහල් ප්‍රාසාද හදාගෙන කොළඹට වෙලා ඉන්නවා. මාලිමාවට ඡන්දය දුන් මහනුවර ජනතාව හූල්ල හූල්ලා අහස දිහා බලාගෙන ඉන්නවා. ඕක තමයි තත්ත්වය. මන්ත්‍රීලා හොයාගන්නවත් නෑ. කඩයක්වත් නොකරපු මිනිස්සු ටිකක් අද පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඉන්නවා. මේ ඇමතිවරු කවුද, මන්ත්‍රීවරු කවුද කිසි කෙනෙක් දන්නෙ නෑ. මේක මහා අපරාධයක්. බොරු කියල කියල පාර්ලිමේන්තුවට ආවා. දැන් කර කියාගන්න දෙයක් නැතුව දඟලනවා. අඩුම තරමේ ප්‍රාදේශීය සභාවකවත් ඉන්න සුදුසු නැති අය තමයි අද පාර්ලිමේන්තු ගිහිල්ලා තප්පුලන්නේ.”

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මහනුවර දිස්ත්‍රික් සංවිධායක බණ්ඩාර කුලසේකර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරුණ පෙරමුණ සභික මොහොමඩ් රොෂාන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

මූලාශ්‍රය – අරුණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here