Home Local News Room : රිමාන්ඩ් කළ හිටපු ඇමති අකිලට බන්ධනාගාරයේ ගැටුම් අතරේ මොකද...

News Room : රිමාන්ඩ් කළ හිටපු ඇමති අකිලට බන්ධනාගාරයේ ගැටුම් අතරේ මොකද වුණේ… එජාප නායකයන් කලබල වෙලා! ~

2
0
මැගසින් බන්ධනාගාරයේ රිමාන්ඩ් වී සිටින එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කඩිනමින් වේලාවක් ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ මහලේකම් නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලිපියක් යවමින් ඉල්ලා සිටිනවා.

මේ අවස්ථාවේ මැගසින් බන්ධනාගාරයේ ඇතිවී තිබෙන තත්ත්වය මත අකිල විරාජ් කාරියවසම් මහතාගේ ජීවිතය අනාරක්ෂිත වී ඇතැයි එජාප මහ ලේකම්වරිය අදාල ලිපියෙන් සඳහන් කර තිබෙනවා.

මැගසින් බන්ධනාගාරයේ රිමාන්ඩ් වී සිටින අකිල විරාජ් කාරියවසම් මහතා මේ වන විට සිටින්නේ බන්ධනාගාර කොමසාරිස්වරයාගේ භාරයේ වන හෙයින් හමුවී සාකච්ඡාවක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතාට සහ තමාට කඩිනමින් වේලාවක් ලබාදෙන ලෙසයි අතුකෝරල මහත්මිය ඉල්ලා සිටින්නේ.

ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක කාර්යාලයට සේවකයන් සිව්දෙනෙකු බඳවාගෙන ඔවුන් පුද්ගලික කටයුතු සඳහා යොදාගත් බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය කටයුතු කළා.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here