Home Local News Room : හිරේ ගිය හිටපු ඇමති අකිල රාජකීය විදුහලට දැමූ ළමයෙක්...

News Room : හිරේ ගිය හිටපු ඇමති අකිල රාජකීය විදුහලට දැමූ ළමයෙක් ගැන චෝදනාවක්! – පැමිණිල්ල එජාප හිටපු මන්ත්‍රීගෙන්! ~

0
0
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයෙකු වන අකිල විරාජ් කාරියවසම් මහතා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් එජාප ඉහළ නායකත්වය දැඩි කනස්සල්ලෙන් පසුවන බව ඉරිදා ලංකාදීප වාර්තා කර තිබෙනවා.

“අකිලට ඔය මුදලක් වැඩක් නෑ” – රනිල් කියයි

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ අකිල විරාජ් මහතාට මෙවැනි මුදල් හම්බකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.

“එයාට ඔය මුදලක් වැඩක් නෑ. මම දන්නවා එතුමා කුලියාපිටියේ හොඳ පවුලකින් ඇවිල්ලා තියෙන්නේ. පෞද්ගලිකවත් එයාට ව්‍යාපාර තියෙනවා. ‘ළඟම පාසල හොඳම පාසල‘ ව්‍යාපෘතිය කළා. සංස්කෘතික ත්‍රිකෝණය නැවත ලාභ ලබන ව්‍යාපෘතියක් බවට පත් කළා. ඒ වගේ තවත් ව්‍යාපෘති ගොඩක් කළා. ඒ එකකින්වත් හම්බ කරපු නැති මිනිහා මේවයින් හම්බ කරන්නේ මොකටද?”

විමර්ශන ලොක්කාගේ පුතාගේ රෝයල් කතාව!

මේ අතර, හිටපු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා අකිල සම්බන්ධයෙන් පැරණි ආන්දෝලනාත්මක කතාවක් මතක් කරමින් විශේෂ හෙළිදරව්වක් කළේය.

“ඇත්තටම අකිලට ඔය චෝදනා නොවෙයි වෙන එක චෝදනාවක් තියෙනවා. ඒ, ඔය පරීක්ෂණ මෙහෙයවන ලොක්කෙක්ගේ පුතෙක් රෝයල් එකට දාලා දීපු එක. ඒක ඕන්නම් විභාග කරන්න. වැඩිදුර විස්තර අපේ මනුෂගෙන් අහගන්න කියන්න.”

— අජිත් මාන්නප්පෙරුම

එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා සිනාසෙමින් සඳහන් කළේ, “අපි දන්නේ නෑ ඒ උදව්වට සල්ලි දුන්නද කිරි මුට්ටියක් දුන්නද කියලා. ඒවත් අපි හොයලා බලන්න ඕන” යනුවෙනි.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here