ඇඟලුම්, රෙදිපිළි හා තාක්ෂණික උපාංග ක්ෂේත්‍ර සඳහා මේ ආයෝජනය සිදු කර තිබේ.
තමිල්නාඩු රජය විසින් මේ මාසයේ ප්‍රකාශයට පත් කළ ආයෝජන ගිවිසුම් අතර MAS Holdings ද ඇතුළත් වූ අතර, රොයිටර්ස් (Reuters) වාර්තාවකට අනුව MAS විසින් ඉන්දීය රුපියල් බිලියන 8.8ක් පමණ එම ප්‍රාන්තයේ ආයෝජනය කිරීමට නියමිතය.
එම ව්‍යාපෘතියෙන් රැකියා 7,000ක් පමණ බිහි කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම ආයෝජනය තමිල්නාඩුවේ ඇඟලුම් හා රෙදිපිළි කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය කරන අතර, ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක කිහිපයකට එය ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
මෙත්ලියේ වෙනස…
මේ අතර 2026 පෙබරවාරි මාසයේදී MAS විසින් තුල්හිරියේ මෙත්ලිය (Methliya) කර්මාන්තශාලාවේ ඇඟලුම් නිෂ්පාදන මෙහෙයුම් නතර කර එම පහසුකම ගෙතුම්, රෙදි වර්ණ ගැන්වීම සහ අවසන් නිමවුම් කටයුතු ඇතුළු රෙදි නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගැනීමට තීරණය කර තිබුණි.
මෙම තීරණය හේතුවෙන් එහි සේවය කළ සේවකයන් 2,200කට පමණ බලපෑම් එල්ල වූ අතර, එම සේවකයන්ට ශ්‍රී ලංකාවේ වෙනත් MAS කර්මාන්තශාලාවලට හෝ ජෝර්දානයේ MAS මෙහෙයුම් වෙත මාරු වීමේ අවස්ථා ලබාදී තිබූ බව සමාගම පවසා තිබිණි.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධානියාද පසුව පැහැදිලි කර තිබුණේ මෙය සම්පූර්ණ කර්මාන්තශාලා වසා දැමීමක් නොව, ඇඟලුම් නිෂ්පාදනය වෙනත් MAS කර්මාන්තශාලා වෙත මාරු කර Methliya හි රෙදි නිෂ්පාදනය පුළුල් කිරීමේ ප්‍රතිව්‍යුහගත කිරීමක් බවයි.
ඒ අනුව, අප විසින් “MAS කර්මාන්තශාලා වසා දමා සේවකයන් 26,000ක් ඉවත් කරයි” යන පුවත සනාථවන සාධාරණ කරුණු මතුවිය.
කර්මාන්තශාලාවක මෙහෙයුම් මාරුව
මේ අතර, 2026 මාර්තු මාසයේදී MAS විසින් MAS Thurulie කර්මාන්තශාලාවේ නිෂ්පාදන මෙහෙයුම් ද තුල්හිරියේ සහ අවට අනෙකුත් MAS කර්මාන්තශාලා වෙත මාරු කිරීමට තීරණය කළේය.
මෙහිදී සමාගම සඳහන් කර තිබුණේ 2025 අවසානයේ ඇති වූ දිට්වා සුළිකුණාටුව හේතුවෙන් කර්මාන්තශාලාවේ ගොඩනැගිලි හා යන්ත්‍රෝපකරණවලට සිදුවූ දැඩි හානි මෙන්ම එම ස්ථානයේ පෙර පැවති ගංවතුර අවදානම හේතුවෙන් දිගුකාලීනව එහි නිෂ්පාදන පවත්වාගෙන යාම අවදානම් සහගත බවයි. එම පහසුකමේ සේවකයන් 1,600කට වැඩි පිරිසක් සඳහා වෙනත් MAS කර්මාන්තශාලාවල රැකියා අවස්ථා ලබාදීමට සමාගම කටයුතු කරමින් සිටින බව ද වාර්තා වී ඇත.
ඒ අනුව මෙරට MAS මෙහෙයුම් සම්බන්ධයෙන් දක්නට ලැබෙන්නේ එකවර සිදුවන සරල “කර්මාන්තශාලා වසා දැමීමේ” ක්‍රියාවලියකට වඩා, ගෝලීය ඉල්ලුම, නිෂ්පාදන කාර්යක්ෂමතාව, දේශගුණික අවදානම් සහ සැපයුම් දාමය අනුව නිෂ්පාදන ධාරිතාව ප්‍රතිව්‍යුහගත කිරීමක් වැනි නාරණාමත බර පටවා කරනු ලබන දිශානති වෙනසක් බව ආර්ථික විශේෂඥ මතය වේ.
එසේ නම් ඇයි ඉන්දියාව?
මෙහිදී ශ්‍රී ලංකාවට වඩාත් වැදගත් වන ප්‍රශ්නය වන්නේ MAS සමාගම ඉන්දියාවේ ආයෝජනය කිරීම නීත්‍යානුකූලද යන්න නොවන අතර අදාළ වානිජ තීරණය ගැනීමට හේතුවූ දේශීය කරුණු මොනවාද යන්න යැයි ද අදාළ විශේෂඥයෝ කියති.
බරපතලම ගැටලුව ශ්‍රී ලංකාවට ලබාගත හැකිව තිබූ එම ආයෝජනයෙන් කොපමණ ප්‍රමාණයක් ඉන්දියාවට ගියේද සහ එයට හේතුව කුමක්ද යන්න බව යැයි ඔවුහු කියති.
තමිල්නාඩුව දැනට ඉන්දියාවේ ප්‍රමුඛතම කාර්මික ප්‍රාන්තයක් බවට පත්ව තිබේ.
එහි ඇඟලුම් හා රෙදිපිළි සැපයුම් දාම, වරාය හා ප්‍රවාහන පහසුකම්, කාර්මික යටිතල පහසුකම් සහ විශාල ශ්‍රම බලකායක් ද පවතී.එමෙන්ම තමිල්නාඩු රජය ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා අනුමැති, බලපත්‍ර සහ NOC ලබාදීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට පියවර ගෙන ඇති අතර ඇතැම් අනුමැති දින 21ක් ඇතුළත ලබාදීමේ වැඩපිළිවෙළක් පිළිබඳවද ප්‍රාන්ත රජය ප්‍රකාශ කර තිබේ.
රොයිටර්ස් (Reuters) වාර්තාවට අනුව, අගෝස්තු මාසයේ තමිල්නාඩුව විසින් විදේශීය සමාගම් ඇතුළු ආයෝජකයන් සමඟ ගිවිසුම් 97කට අත්සන් කර ඇති අතර, ඒවායේ සමස්ත වටිනාකම ඉන්දීය රුපියල් බිලියන 674.52ක් පමණ වන අතර රැකියා 100,000කට වැඩි ප්‍රමාණයක්බිහි කිරීමට අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය MAS නොව ආයෝජන පරිසරයද?
MAS Holdings අද ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන සමාගම වන අතර, සමාගමේම 2025 බලපෑම් වාර්තාව (Impact Report) අනුව 2025 අවසානය වන විට එහි සේවකයන් 97,989ක් පමණ සිටි අතර, ඉන් 73,034ක් එනම් 74.5%ක් ශ්‍රී ලංකාවේ සේවය කර ඇත.
එම සංඛ්‍යා අනුව MAS තවමත් ශ්‍රී ලංකාව තුළ විශාලතම කාර්මික හා රැකියා නිර්මාණකරුවෙකු බව පැහැදිලිවේ.එහෙත් මෙරට නිෂ්පාදන ධාරිතාවෙන් ඇතැම් කොටස් ඉවත් කරමින් හෝ වෙනත් පහසුකම් වෙත මාරු කරමින් සිටින අතරතුර, එම සමාගමම ඉන්දියාවේ නව නිෂ්පාදන ආයෝජනයක් සඳහා US$93 millionකට ආසන්න මුදලක් යොදවමින් රැකියා 7,000ක් පමණ බිහි කිරීමට සැලසුම් කිරීම ශ්‍රී ලංකා ප්‍රතිපත්ති සම්පාදකයන් නොසලකා හැරිය යුතු කරුණක් නොවන බව ආර්ථික විශේෂඥ මතය වේ.
-srilankamirror