Home Local News Room : කෝටි දෙකහමාරන මුදල් වංචාවකට මාලිමා මන්ත‍්‍රී අත්අඩංගුවට!

News Room : කෝටි දෙකහමාරන මුදල් වංචාවකට මාලිමා මන්ත‍්‍රී අත්අඩංගුවට!

0
0
දේපළ වෙළඳාම් සමාගමකට රුපියල් කෝටි දෙකකට අධික මූල්‍ය පාඩුවක් සිදු කිරීමේ චෝදනාව මත කෑගල්ල නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වන කසුන් මධුසංඛ බණ්ඩාර මහතා ලබන සැප්තැම්බර් මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් සැකකාර මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.
අදාළ දේපළ වෙළඳාම් සමාගම විසින් මන්ත්‍රීවරයාට එරෙහිව පවරා ඇති නඩුවට අනුව, කෑගල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ “කබානා” ව්‍යාපෘතියකට අදාළ කොන්ත්‍රාත්තුවක් නියමිත කාලසීමාව තුළ අවසන් නොකිරීම හේතුවෙන් රුපියල් දෙකෝටි හැට ලක්ෂයක (රු. 26,000,000) මුදලක් වංචා කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
ගිවිසුම් ප්‍රකාරව කබානා 18කින් සමන්විත මෙම ව්‍යාපෘතිය පසුගිය පෙබරවාරි මස 11 වනදා වන විට අවසන් කර භාර දිය යුතුව තිබුණ ද, මන්ත්‍රීවරයා විසින් නිම කර ඇත්තේ කබානා 14ක් පමණක් බව වාර්තා වේ.
නියමිත දිනට ව්‍යාපෘතිය අවසන් නොකිරීමෙන් තමන්ට සිදු වූ දැවැන්ත මූල්‍ය පාඩුව සම්බන්ධයෙන් අදාළ සමාගම විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන අතර, සැකකරු ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතව පසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here