Home Local News Room : නාමල්ව පාවාදුන්නේ ළඟින්ම හිටපු ‘නිමල් පෙරේරා’! – දිව්රුම් පෙත්සම...

News Room : නාමල්ව පාවාදුන්නේ ළඟින්ම හිටපු ‘නිමල් පෙරේරා’! – දිව්රුම් පෙත්සම උසාවියේදී එළියට දමයි!

0
0
ආන්දෝලනාත්මක ශ්‍රී ලංකන් එයාර්බස් ගනුදෙනුවට අදාළව ලැබුණු මුදල්වලින් රුපියල් මිලියන 100ක මුදලක් තමා විසින් නමල් රාජපක්ෂ වෙත භාරදුන් බවට ව්‍යාපාරික නිමල් පෙරේරා ලබාදුන් දිවුරුම් පෙත්සමක් ද ඇතුළත් විමර්ශනයකින් අනතුරුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ අත්අඩංගුවට ගත් බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙන ලදී.
නිමල් පෙරේරා යනු වසර ගණනාවක් පුරා ප්‍රකට මූල්‍ය විමර්ශන සහ අධිකරණ ක්‍රියාමාර්ග කිහිපයකදීම නම සඳහන් වූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකි. මීට පෙර සිදුවූ ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුව ඇතුළු තවත් සැකකටයුතු ගනුදෙනු කිහිපයක් සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වී තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයට පැවසුවේ, අල්ලස් කොමිසම සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ ඒකාබද්ධ විමර්ශනයකින් අනතුරුව නාමල් රාජපක්ෂ මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ප්‍රංශය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල බලධාරීන්ගේ සහාය ඇතිව සිදුකළ මෙම විමර්ශනය මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව පැමිණිලි පාර්ශවය ප්‍රකාශ කළේය.
අධිකරණයට ඉදිරිපත් කළ කරුණුවලට අනුව, මෙම ආන්දෝලනාත්මක ගුවන් යානා ගනුදෙනුවට අදාළව එයාර්බස් සමාගම විසින් යුරෝ මිලියන 1.45ක මුදලක් ගෙවා ඇති බවට චෝදනා එල්ල වී ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමලී විජේනායකගේ සම්පූර්ණ අයිතිය යටතේ පවතින ‘බිස් සොලූයුෂන්’ (Biz Solution) නමැති සමාගමේ සිංගප්පූරු ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකු ගිණුමෙන් ආරම්භ වූ මෙම මුදල්, පසුව ව්‍යාපාරික නිමල් පෙරේරා සභාපතිත්වය දැරූ සමාගමකට අයත් සිංගප්පූරුවේ පිහිටි බැංකු ගිණුමකට යොමුකර ඇති බව පැමිණිලි පාර්ශවය පැවසීය.
විමර්ශකයන් නිමල් පෙරේරා දැනට පදිංචිව සිටින ඕස්ට්‍රේලියාවට ගොස් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවද අධිකරණයට දැනුම්දෙන ලදී.
පැමිණිලි පාර්ශවයට අනුව, ‘බිස් සොලූෂන්’ ගිණුමෙන් තමාගේ සමාගමට ලැබුණු ඇමෙරිකානු ඩොලර් 800,000ක මුදල ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කර නාමල් රාජපක්ෂ වෙත භාරදුන් බවට නිමල් පෙරේරා අල්ලස් කොමිසම වෙත දිවුරුම් පෙත්සමක් ලබාදී ඇත.
එම මුදල එවකට ශ්‍රී ලංකා රුපියල් මිලියන 100කට ආසන්න වූ බව පැමිණිලි පාර්ශවය අධිකරණය හමුවේ පැවසීය.
තමාගේ ජීවිතයට තර්ජන පවතින බව පවසමින් නිමල් පෙරේරා නැවත ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වේ.
ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධ විමර්ශන සඳහා සහාය වීමට එයාර්බස් සමාගම එකඟ වී ඇති බවත්, ජ්‍යෙෂ්ඨ එයාර්බස් නිලධාරීන් තෙවතාවක් ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රකාශ හතරක් ලබාදී ඇති බවත් පැමිණිලි පාර්ශවය වැඩිදුරටත් පැවසීය. එයාර්බස් සමාගම සහ නාමල් රාජපක්ෂ අතර පවතින බව කියන සබඳතා පිළිබඳ තොරතුරු ද විමර්ශකයන් විසින් අනාවරණය කරගෙන ඇති බව අධිකරණයට දැනුම්දෙන ලදී.
මෙහිදී නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් සිය සේවාදායකයාට ඇප ඉල්ලා සිටි අතර, තම සේවාදායකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රධාන වශයෙන්ම නිමල් පෙරේරාගේ ප්‍රකාශය මත පදනම්ව බව තර්ක කළේය.
ප්‍රංශ විමර්ශකයන් හෝ එයාර්බස් නිලධාරීන් නාමල් රාජපක්ෂට මුදල් දුන් බවට කිසිදු ප්‍රකාශයක් කර නොමැති බව විත්තිය තර්ක කළේය.
ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ වෙනත් නඩු කටයුතුවලදී නිමල් පෙරේරා විසින් ලබාදී තිබූ සාක්ෂි උපුටා දක්වමින් නීතිඥ මෙන්ඩිස් ඔහුගේ විශ්වාසනීයත්වය ද ප්‍රශ්න කළේය.
අදාළ සමාගමට සම්බන්ධ ගිණුමක අයිතිය නිමල් පෙරේරා මීට පෙර ප්‍රතික්ෂේප කර තිබූ බවත්, එය ඉතාලි ජාතික මිතුරෙකුට අයත් එකක් බවට ඔහු ප්‍රකාශ කර තිබූ බවත් විත්තිය තර්ක කළේය.
2019 වසරේදී අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව පවා පිළිනොගත් නිමල් පෙරේරාගේ ප්‍රකාශයන් විමර්ශකයන් දැන් විශ්වාස කරන්නේ මන්දැයි නීතිඥ මෙන්ඩිස් ප්‍රශ්න කළේය.
කෙසේවෙතත් අල්ලස් කොමිසම ඇප ලබාදීමට විරුද්ධ වූ අතර, දූෂණ විරෝධී පනතේ 149 වැනි වගන්තිය යටතේ එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සහතිකයක් ඉදිරිපත් කර ඇති බැවින් ඇප ලබාදීම සඳහා විශේෂ කරුණු තහවුරු කළ යුතු බව අධිකරණයට දැනුම්දුන්නේය.
නිමල් පෙරේරාගේ විශ්වාසනීයත්වය පිළිබඳව විත්තිය විසින් එල්ල කරන අභියෝගය නඩු විභාගයකදී තීරණය කළ යුතු කරුණක් මිස මෙම අවස්ථාවේදී ඇප ලබාදීම සඳහා ප්‍රමාණවත් විශේෂ කරුණක් නොවන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම තීන්දු කළේය.
ඒ අනුව නාමල් රාජපක්ෂ සැප්තැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
(Newswire.lk)
මේ පුවත තව අයට බලන්න

.share-box {
display: flex;
gap: 12px;
margin: 20px 0;
}

.share-btn {
flex: 1;
display: flex;
align-items: center;
justify-content: center;
gap: 10px;
padding: 14px;
border-radius: 10px;
text-decoration: none !important;
font-family: ‘Noto Sans Sinhala’, ‘Iskoola Pota’, Arial, sans-serif;
font-size: 16px;
font-weight: 800;
letter-spacing: 0.4px;
transition: transform 0.2s ease, box-shadow 0.2s ease;
cursor: pointer;
}

.share-btn:hover,
.share-btn:focus,
.share-btn:active {
text-decoration: none !important;
}

.share-btn span {
color: #ffffff !important; /* TEXT WHITE */
line-height: 1.35;
text-align: center;
}

.share-btn img {
width: 24px;
height: 24px;
}

/* Facebook */
.fb {
background: linear-gradient(135deg, #1877f2, #0f5bd8);
box-shadow: 0 4px 12px rgba(24,119,242,0.45);
}

/* WhatsApp */
.wa {
background: linear-gradient(135deg, #25d366, #1ebc5a);
box-shadow: 0 4px 12px rgba(37,211,102,0.45);
}

.share-btn:hover {
transform: translateY(-2px);
box-shadow: 0 6px 16px rgba(0,0,0,0.3);
}

(function () {
var url = window.location.href;

// Facebook Share
document.getElementById(“fbShare”).href =
“https://www.facebook.com/sharer/sharer.php?u=” +
encodeURIComponent(url);

// WhatsApp Share (LINK ONLY)
document.getElementById(“waShare”).href =
“https://api.whatsapp.com/send?text=” +
encodeURIComponent(url);
})();

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here