අගවිනිසුරුවරයා තම ධුර කාලය දීර්ඝ කරන ලෙස කිසිදු ඉල්ලීමක් සිදුකර නොමැති පසුබිමක බලහත්කාරයෙන් ධුර කාලය වැඩි කිරීම රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට බලවත් තර්ජනයක් ඇතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන පවසයි.
ආණ්ඩුව හෝ ඊටත් ඉහළින් සිටින පුද්ගලයෙකු විසින් ප්‍රාණ ඇපයට ගත් අගවිනිසුරුවරයා ලවා තමන්ට අවශ්‍ය තීන්දු තීරණ ගෙන තමන්ට උවමනා මතය සමාජගත කිරීමට 22 වන සංශෝධනය ඉදිරිපත් කර ඇති බවටද එසේ නොකළොත් අගවිනිසුරුත් ඔහුගේ පුතාත් සිරගත කරන බවට මතයක් දැනටත් ආණ්ඩු පාර්ශ්වය නිර්මාණය කර ඇති බවටද ඔහු චෝදනා කරයි.
විනිසුරුවරුන් 65 දෙනෙකු මෙම සේවා දිගුවට අකමැති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති පසුබිමක ජනාධිපතිවරයා අධිකරණ තීන්දු ලැබීමටත් පෙර ඒවා ප්‍රකාශයට පත්කරමින් මේ යන්නේ අධිකරණයට හීලෑ කර ගැනීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනක බවත් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලු දෙනා ඊට එරෙහිව විය යුතු බවත් ප්‍රසාද් සිරිවර්ධන අවධාරණය කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා පාර්ලිමෙන්තුව අමතමිනි.
-emanisa
