මේ ගැන මාධ්‍ය හමු පවත්වා නිදහසට කරුණු දක්වන්නට දැන් පොහොට්ටුව කටයුතු කරමින් සිටී.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ දැන් කියා සිටින්නේ අර්චුනා මන්ත්‍රීවරයාගේ දේශපාලනික ස්ථාවරයේ වෙනසක් සිදුකර තිබෙන බවත් එය පිටුපස සිටින එකම ප්‍රධාන චරිතය වන්නේ නාමල් රාජපක්ෂ මහතා බවය. මීට පෙර මහින්ද රාජපක්ෂ මහතා විසින් කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් ප්රජාතන්ත්රවාදී දේශපාලනයට යොමු කරමින් ඔවුන්ගේ ගමන්මග වෙනස් කිරීමට කටයුතු කළ ආකාරයටම, අර්චුනා මන්ත්‍රීවරයාගේ මෙම නව ප්‍රවේශය සිදුව ඇති බව ඔහු කියන්නේය. ඔහුගේම වචන වලින් එම ප්‍රකාශය මෙසේය.
“අර්ජුනා ක්ෂණිකව මේ තත්ත්වයට වෙනස් වුණේ ඇයි?
වෙනස් වෙන්න එකම හේතුව නාමල් රාජපක්ෂ. වෙන කවුරුත් නෙමෙයි.එතුමා තමයි අර්ජුනාව වෙනස් කළේ. එතුමාගේ තාත්තා තමයි පිල්ලෙයාන්ව වෙනස් කළේ.එතුමාගේ තාත්තා තමයි කරුණාව වෙනස් කළේ.
අර්ජුනා මන්ත්‍රීවරයා තහනම් සංවිධානයක් ප්‍රචාරය කරනවා නම් ඒක එතුමාටත් හොඳ නැහැ. මොකද එතුමා පාර්ලිමේන්තුවේ දිවුරන්නේ රාජ්‍යයට කුමන්ත්‍රණය කරන්නේ නැහැ කියලා. ඒක මෙහෙ අපිට කලින් එතුමාටයි හොඳ නැත්තේ.
ඒ නිසා ඒ වේදිකාවේ හිටපු මනුස්සයෙක් විදිහට අර්ජුනාගේ කතාව පුරාම මට දකින්න ලැබුණේ එතුමා උතුරයි දකුණයි සම්බන්ධ කරන්න යම්කිසි මහන්සියක් ගන්නවා කියන එකයි. ඒ නිසා දෙමළ ප්රජාවයි, සිංහල ප්රජාවයි සහෝදරයෝ වගේ ජීවත් කරවන්න, එහෙම නැත්නම් එක්ව ජීවත් වෙන්න උත්සාහ කරනවා.
දැන් මේක ෆෙඩරල් ඉල්ලන අයට ඇහේ කටුව අනිනවා වගේනේ. මේ රට බෙදන්න ඕන කියන අයට ඇහේ කටුව අනිනවා වගේනේ. හැබැයි අර්ජුනාගේ ඉතිහාසය ගත්තාම, අර්ජුනා පාර්ලිමේන්තුවේදී කතා කරපුවා ගත්තාම, අර්ජුනා ක්ෂණිකව මේ තත්ත්වයට වෙනස් වුණේ ඇයි?වෙනස් වෙන්න එකම හේතුව නාමල් රාජපක්ෂ. වෙන කවුරුත් නෙමෙයි. එතුමා තමයි අර්ජුනාව වෙනස් කළේ.
එතුමාගේ තාත්තා තමයි පිල්ලෙයාන්ව වෙනස් කළේ.එතුමාගේ තාත්තා තමයි කරුණාව වෙනස් කළේ. ඒගොල්ලන්ව වෙනස් කරලා රටේ දේශපාලනයට ගෙනැල්ලා, ඒගොල්ලෝ හරහා ඒ මිනිස්සුන්ට ඒ ඒ ගම් ප්‍රදේශ දියුණු කරන්න අවස්ථාව දුන්නා. අපි දැක්කා නැගෙනහිර දියුණු වෙච්ච ආකාරය.හැබැයි නැගෙනහිරින් කරුණා කිසිම වෙලාවක ෆෙඩරල් ඉල්ලුවේ නැහැ; එහෙම නැත්නම් රට කඩලා නැගෙනහිර පළාත වෙන් කරලා දෙන්න කියලා ඉල්ලුවේ නැහැ. පිල්ලෙයාන් ඉල්ලුවේ නැහැ. දැන් අර්ජුනත් උතුර වෙන් කරලා දෙන්න කියලා ඉල්ලන්නේ නැති තත්ත්වයට නාමල් රාජපක්ෂ ගෙනල්ලා තියෙන එක ජයග්‍රහණයක් නෙවෙයිද?”
මේ පුවත තව අයට බලන්න