ජපාන සහ ඉන්දීය ආධාර යටතේ අනුර කුමාර දිසානායක ගේ වත්මන් ආණ්ඩුව යටතේ වැඩ ආරම්භ කෙරෙන සහ මේ වන විටත් ක්‍රියාත්මක ව්‍යාපෘති මේ අතර විශේෂය.
අනාවරණය වන ආකාරයට මෙහිදී ජපාන (JICA) ආධාර සහ ණය යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන ව්‍යාපෘති සඳහා මූලික අරමුදල් සම්පාදනය ආරම්භ වී ඇත්තේ 2018 වසරේදී යහපාලන රජය සමයේ ජපාන ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනය (JICA) සමඟ අත්සන් කරන ලද “Health & Medical Service Improvement Project” ගිවිසුම හරහාය.
ඒ යටතේ රුපියල් මිලියන 2403ක වියදමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ හෘද රෝග ඒකක ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු 2018 මෛත්‍රීපාල – රනිල් යහපාලන රජය සමයේ ආරම්භ විය.
එසේම, රුපියල් මිලියන 3545ක වියදමින් ක්‍රියාත්මක වන අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග සහ හෘද උරස් ශල්‍ය සංකීර්ණයේ කටයුතු ද ආරම්භ කරන ලද්දේ 2018 වසරේදීය.
මීට අමතරව, ඉන්දීය රජයේ High Impact Community Development Project (HICDP) රාමුව යටතේ ලබාදුන් රුපියල් මිලියන 600 බැගින් වූ පූර්ණ අනුග්රහයන් යටතේද තවත් ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක වේ. ඒ යටතේ රුපියල් මිලියන 600ක වියදමින් මුලතිවු දිස්ත්‍රික් මහ රෝහලේ සිව් මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණය ඉදිකිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම් සාකච්ඡා 2024 මුල් භාගයේදී රනිල් වික්‍රමසිංහ පාලන සමය තුළ ආරම්භ වී, ඇති අතර ගිවිසුම් ගතවීම පමණක් වත්මන් ආණ්ඩුව යටතේ සිදුව තිබේ.
එසේම, රුපියල් මිලියන 600ක වියදමින් මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිවීම සඳහා අදාළ මූලික එකඟතා ඇතිකර ගනුලැබූවේද රනිල් වික්‍රමසිංහ පාලන සමය තුළදීය.
මෙම සියලු ව්‍යාපෘති වර්තමානයේ ක්‍රියාත්මක වුවද, ඒවායේ මූලික සැලසුම්, අරමුදල් සහ ගිවිසුම්ගත වීම් පසුගිය රනිල් වික්‍රමසිංහ පාලන සමයන් තුළ සාර්ථකව සකස් කර ඇති බව මේ හරහා පැහැදිලි වේ.
මේ පුවත තව අයට බලන්න