තමා මුහුණ දී ඇති මෙම තත්ත්වය පිළිබඳව අනෝජන් දුරකථන ඇමතුමක් ලබා දෙමින් සිය පවුලේ ඥාතීන් වෙත දැනුම් දී තිබේ.
මෙම අර්බුදකාරී වාතාවරණය හමුවේ අනෝජන්ගේ ඥාතීන් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා හමුවී සාකච්ඡා කර ඇති අතර, එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ මෙම නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට තවදුරටත් අවස්ථාව පවතින බවයි.
එම අභියාචනය ඉදිරිපත් කිරීමේ නීතිමය කටයුතු සඳහා රුපියල් ලක්ෂ 19ක මුදලක් අවශ්‍ය බව දැනුම් දීමෙන් අනතුරුව, අදාළ මුදල පවුලේ සාමාජිකයන් විසින් අතිශය දුෂ්කරතා මධ්‍යයේ සපයාගෙන විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත භාරදීමට පියවර ගෙන තිබේ.
කෙසේවෙතත්, අභියාචනයෙන් අනතුරුව අනෝජන්ට මරණ දඬුවම හිමිවීම සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ ඥාතීන් දැඩි කම්පනයට පත්ව සිටිති.
තමන් මහත් දුකසේ එකතු කර දුන් රුපියල් ලක්ෂ 19ක මුදලින් සිදුවූයේ තම පුතුට මරණ දඬුවම මිලදී ගැනීමක් වැනි ක්‍රියාවක් බව අනෝජන්ගේ මව අතිශය ශෝකයෙන් යුතුව සඳහන් කර සිටියි.
එමෙන්ම, මෙම නඩු කටයුත්ත වෙනුවෙන් පෙනී සිටීමට එකඟ වූ නීතිඥවරයා වෙනුවට වෙනත් නීතිඥවරයෙකු ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ද පවුලේ ඥාතීන් බලධාරීන්ට සිය බලවත් විරෝධය හා චෝදනාව එල්ල කර තිබේ.