Home Local News Room : සිවරාසා අනෝජන්ට මරණ දඬුවමෙන් ගැලවෙන්න අවස්ථාවක්! ~

News Room : සිවරාසා අනෝජන්ට මරණ දඬුවමෙන් ගැලවෙන්න අවස්ථාවක්! ~

0
0

සෞදි අරාබියේදී මරණ දඬුවමට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික තරුණයකු වන සිවරාසා අනෝජන්ට සෞදි රජුගේ මැදිහත්වීම මත ර සමාව ලබා ගැනීමේ නෛතික අවකාශයක් පවතින බව හිටපු විදේශ රැකියා අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ෂරියා නීතිය ක්‍රියාත්මක වන සෞදි අරාබිය තුළ මිනීමැරුම් චෝදනාවකට වරදකරු වී මරණ දඬුවම නියම වූ අයකුට සෘජුව සමාව ප්‍රදානය කිරීමේ හැකියාවක් එරට රජුට පවා නොමැති බවයි.

එවැනි අවස්ථාවක සමාව ලබා දීමට නම් ‘බ්ලඩ් මනී’ හෙවත් ලේ වන්දි ලබා දීම හෝ වින්දිත පාර්ශ්වයේ පවුලේ ඥාතීන්ගේ පූර්ණ කැමැත්ත හිමි විය යුතු බව හෙතෙම සිහිපත් කළේය.

කෙසේ වෙතත්, අනෝජන්ට එරෙහිව එල්ල වී ඇත්තේ මිනීමැරුම් චෝදනාවක් නොවන බව පැහැදිලි කළ ඩිලාන් පෙරේරා මහතා, ඔහුට එරෙහි චෝදනාව ඉස්ලාම් ධර්මයට අපහාස කිරීම බව සඳහන් කළේය.

 මරණ දඬුවමට ලක්වූ රිසානා නෆීක්ගේ සිදුවීමේදී මෙන් මෙහිදී මිනිස් ඝාතනයක් සිදුව නොමැති බැවින්, අනෝජන් වෙනුවෙන් සමාව ප්‍රදානය කිරීමේ පූර්ණ බලය හා හැකියාව සෞදි රජතුමා සතුව පවතින බව ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම මෙම නඩුව සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමේදී අතිශය සුපරීක්ෂාකාරී විය යුතු බවද හිටපු අමාත්‍යවරයා අනතුරු ඇඟවීය.

විධිමත් පදනමකින් තොරව සිදුකරන අභියාචනා හේතුවෙන් දඬුවම ලිහිල් වීම වෙනුවට එය තවදුරටත් දැඩි වීමේ ඉඩකඩක් පවතින බව පෙන්වා දුන් ඒ මහතා, නිසි නීතිමය උපදෙස් සහ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ප්‍රවේශයක් ඔස්සේ සෞදි රජුගෙන් සමාව ලබා ගැනීමට කටයුතු කිරීම වඩාත් ඵලදායී පියවර බව වැඩිදුරටත් අවධාරණය කළේය.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here