පසුගිය කාලයේ රටේ නීතිය හා මූල්‍ය සම්පත් තමන්ගේ බූදලයක් කරගෙන සිටි ප්‍රධාන පෙළේ දේශපාලන බලවතුන්ට එරෙහිව නීතියේ දැල දැඩිව එළෙමින් පවතින මොහොතක, හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිදුකළ හදිසි සිංගප්පූරු සංචාරය පිටුපස ඇති බිහිසුණු රහස් සැලසුම මේ වන විට දේශපාලන කරළියේ මෙන්ම සමාජ මාධ්‍ය තුළද දැවැන්ත ආන්දෝලනයක් ඇති කර තිබෙනවා.