කොළඹ කොටුවේ පිහිටි වටිනා ඉඩමක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙත රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් වශයෙන් ලබාදුන් බවට වන චෝදනාව මත ‘ක්‍රිෂ්’ සමාගමේ හිටපු අධ්යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ක්‍රිෂ් සමාගම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ‘ට්‍රාන්ස්වර්ක්ස් චතුරශ්‍රය’ නැමැති භූමිය කඩිනමින් ලබාගැනීමේ කටයුතුවලට සහාය දීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට මෙම අල්ලස් මුදල පිරිනමා ඇති බවට ඇයට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
එම රුපියල් මිලියන 70ක මුදල අවස්ථා තුනකදී නාමල් රාජපක්ෂ මහතා වෙත ලබාදී ඇති බවට කොමිසම මඟින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.
මේ පුවත තව අයට බලන්න