Home Local News Room : කෝට්ටේ “තලප්පාකට්ටි” අවන්හලට අපිරිසිදුයි කියා නඩුදායි ~

News Room : කෝට්ටේ “තලප්පාකට්ටි” අවන්හලට අපිරිසිදුයි කියා නඩුදායි ~

2
0
 
බිරියානි ඇතුළු ඉන්දියානු ආහාර අලෙවි කරන මෙරට ප්‍රධාන පෙළේ අවන්හල් ජාලයක් වන හෙරිටේජ් බිරියානි ලංකා පෞද්ගලික සමාගමට (Heritage Biriyani Lanka (Pvt) Ltd) වැඩි හිමිකාරිත්වයකත් ඇති “ඩින්ඩිගුල් තලප්පාකට්ටි” අවන්හලට එරෙහිව මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (24) නඩු පැවැරීය.

අදාළ අවන්හල් ජාලයේ ඇතුල්කෝට්ටේ පිහිටි ශාඛාවකට එරෙහිව මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.එච්.ඩී.සී.එම්. ද සිල්වා විසින් එම නඩුව පවරනු ලැබීය.

විත්තිකාර අවන්හල තුළ පවතින උපකරණ නිසි ලෙස පරීක්ෂා නොකිරීම, නඩත්තු නොකිරීම, පානීය ජල බෝතල් අනතුරුදායක ද්‍රව්‍යවලින් දහනය විය හැකි අයුරින් සේදුම් දියර සමග එකට ගබඩා කිරීම, වෛද්‍ය සහතික නොමැතිව ආහාර පරීක්ෂණ සිදුකිරීම ඇතුළු චෝදනා අටක් යටතේ මෙම නඩුව පවරා තිබිණි.

අදාළ නඩුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න හමුවේ කැඳවීමට නියමිතය.

Dindigul Thalappakatti Restaurant – Rajagiriya

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here