Home Local News Room : සලේ වෙනුවෙන් ආ නිලධාරියා ආපසු හැරී අධිකරණයෙන් අවසර ඉල්ලයි!...

News Room : සලේ වෙනුවෙන් ආ නිලධාරියා ආපසු හැරී අධිකරණයෙන් අවසර ඉල්ලයි! ~

2
0
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ්⁣ සලේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම අභියෝගයට ලක් කරමින් විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී ශාන්ත ජයතිලක ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණ⁣ය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

පෙත්සම්කරු එම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ⁣ය මෙම නියෝගය නිකුත් කළේය.

පෙත්සම කැඳවු අවස්තාවේදි නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශි ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, පෙත්සම සම්බන්ධ මුලික විරෝධතා ගොනු කරන බවයි.

තවද පෙත්සම ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුට කිසිදු නීත්‍යානුකූල බලයක් නොමැති බවද අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශි ද සිල්වා අධිකරණය හමුවේ සඳහන් කළේය.

අනතුරුව කරුණු සලකා බැලු විනිසුරු මඩුල්ල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට පෙත්සම්කරුට අවසර ලබාදෙමින් පෙත්සම ගාස්තු රහිතව නිශ්ප්‍රභ කිරීමට නියෝග කළේය.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here