ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ ‘රතු ඉර’ දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අමාත්‍යවරයා කියා සිටියේ, ඇයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙමින් පවතින අවස්ථාවක ඇය රටින් පිටව යන විට කටුනායක ගුවන් තොටුපළේදීම ඇයව නතර කිරීමට ඕනෑ තරම් ඉඩකඩ තිබූ බවයි.
එමෙන්ම මේ වන විටත් ඇය රැඳී සිටින රටකින් ඇයව ආපසු ගෙන්වා ගැනීමට වුවද හැකියාව පවතින බවත්, ඇය සිංගප්පූරු පුරවැසිභාවය හිමි කාන්තාවක් නොවන බැවින් එරටින් අවසර ලබාගැනීමේ බාධාවක් පවා නොමැති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, වත්මන් රජය කිසිවිටෙකත් එවැනි ද්වේෂසහගත හෝ පළිගැනීමේ දේශපාලන ක්‍රියාමාර්ග අනුගමනය නොකරන බවත්, සියලු කටයුතු නිසි නීතිමය රාමුවට සහ සාමාන්‍ය ක්‍රමවේදයට අනුකූලව පමණක් සිදුකරන බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ පුවත තව අයට බලන්න