‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
සාක්ෂි තිබියදී නඩුව ඉවත් කරගැනීම
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි තිබියදීත් අදාළ නඩුව අවසන් කිරීමට කටයුතු කිරීම මගින් අදාළ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා දූෂණය නමැති වරද සිදු කර ඇති බව පැමිණිල්ලේ දැක්වේ.
අල්ලස් වශයෙන් නිවසක් සහ තනතුරක්
මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීම වෙනුවෙන් අදාළ හිටපු පොලිස් ප්‍රධානියා ක්‍රිෂ් ගොඩනැගිල්ලෙන් අල්ලස් ලෙස නිවසක් ලබාගැනීමටත්, තමා විශ්‍රාම ලැබීමෙන් පසු එම සමාගමේ අධ්‍යක්ෂ තනතුරක් ලබාගැනීමටත් අරමුණු කරගෙන තිබූ බව පැමිණිල්ල මගින් වැඩිදුරටත් අනාවරණය කර ඇත.
සිද්ධියේ පසුබිම
යහපාලන ආණ්ඩු සමයේදී මහජන දේපොළ සහ රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පිහිටුවන ලද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ (FCID) ප්‍රධානියා ලෙස කටයුතු කළ මෙම උසස් පොලිස් නිලධාරියා, සිය බලතල අනිසි ලෙස යොදාගනිමින් පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් නීතිමය ක්‍රියාමාර්ග අඩපණ කර ඇත්දැයි සෙවීමට වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පැමිණිලිකාර සංවිධානය අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටී.
මේ පුවත තව අයට බලන්න