නඩුව කැඳවූ අවස්ථාවේ දී විත්තිකරුවන් ප්‍රකාශ කළේ තමන්ට එරෙහිව ඇති සියලු චෝදනා පිළිගෙන වරද පිළිගැනීමට සූදානම් බවයි. අබු හනීෂා මොහොමඩ් මුසීත් සහ අමීර් හමසා මොහොමඩ් හමාස් යන දෙදෙනා එසේ සඳහන් කළ අතර එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්වීම් සහ ඔවුන්ගේ ස්ථාවර මතය ඉදිරිපත් කිරීම සඳහා ලබන 05 වැනිදා නැවත නඩුව කැඳවන ලෙසයි.
ලබන සඳුදා දින සිට නඩුව දිනපතා විභාග කරන බව ද විනිසුරු මඩුල්ල ඊයේ දැනුම් දී තිබෙනවා. ඒ අනුව ලබන ඔක්තෝබර් 05 වැනිදා සිට නඩුව දිනපතා කැඳවීමට නියමිතයි.
මෙම නඩුව ලාල් රණසිංහ බණ්ඩාර, රශ්මි සිංගප්පුලි හා නයෝමි වික්‍රමසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී කැඳවනු ලැබීය.
පුපුරන ද්‍රව්‍ය ලෙස සැලකෙන නයිට්රට් තොගයක්, ජීව උන්ඩ දොළහක්, ගිනි අවියක් සහ පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය නයිට්රජන් ඇසිඩ් සහ යූරියා තොගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2018 වසරේ දී අත්අඩංගුවට ගෙන තිබුණි. අබු හනීෆා මොහොමඩ් මුසිෆ්, අමීර් හමසා මොහොමඩ් හමාස්, මොහොමඩ් සරිහු ආදම් ලෙබ්බේ, මෙහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා, මෙහොමදු ඊබ්‍රාහිම් මොහොමදු නවුෆර්, මොහොමඩ් රමීෂ් මොහොමඩ් සාජිද් යන හයදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.
පාස්කු මහ නඩුවේද විත්තිකරුවන් වන සිව්ව්දෙනෙක් මේ හයදෙනා අතර සිටිති. ඔවුන් සිව්දෙනාට මේ වන විට වසර දෙසීයකට වැඩි සිරදඬුවම් නියම වී ඇත. නීතිපතිවරයා විසින් අධිචෝදනා 14ක් යටතේ මෙම නඩුව පවරා ඇත.
මේ පුවත තව අයට බලන්න