විදේශගතව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින ශිරන්ති රාජපක්ෂ මහත්මිය, තමන් සභාපතිත්වය දැරූ ‘සිරිලිය’ පදනම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා දින 14 ක කාලයක් ඉල්ලා තිබිණි.
කෙසේවෙතත්, එම සහන කාලය තුළ ඇය විමර්ශන නිලධාරීන් හමුවේ පෙනී නොසිටියහොත් ඇයට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබා ගැනීමට පොලිසිය අපේක්ෂා කරන බවත්, එසේ වුවහොත් ඇය යළි මෙරටට පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටුපළේදීම අත්අඩංගුවට පත්වීමේ අවදානමක් පවතින බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය පසුගිය සැප්තැම්බර් 16 වනදා සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර, එහිදී කටුනායක ගුවන්තොටුපළේදීම ක්‍රියාත්මක වූ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සැප්තැම්බර් 24 වනදා එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසට ඇය වෙත නොතීසියක් භාර දී තිබුණි.
මේ අතර, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, ඇය යළි මෙරටට පැමිණීම සඳහා තාවකාලික දිනයක් ලබා දී තිබුණද, ඇය විදෙස්ගතව සිටින්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා බැවින් යළි පැමිණෙන දිනය තීරණය වන්නේ වෛද්‍ය නිර්දේශ සහ අවශ්‍යතා මත පදනම්ව බවයි.
මේ පුවත තව අයට බලන්න