Home Local News Room : ආණ්ඩුවේ ප්‍රබල නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ලීක් කර ගනී! ~

News Room : ආණ්ඩුවේ ප්‍රබල නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ලීක් කර ගනී! ~

0
0
පාක්ෂික භේදයකින් තොරව ගොවි ජනතාවගේ පොදු යහපත උදෙසා ක්‍රියාත්මක වන ගොවි සංවිධානවල පරිපාලන කටයුතුවලට වත්මන් ආණ්ඩුවේ පාර්ශ්වයන් දේශපාලනමය වශයෙන් ඇඟිලි ගසන බවට චෝදනා කරමින් බෙදුම්ඇල ගොවි සමිතියේ සභාපතිවරයා සහ නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා අතර සිදුවූ ආන්දෝලනාත්මක දුරකථන සංවාදයක හඬපටයක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා දැඩි කතාබහට ලක්වෙමින් පවතී.

​තමන් එක්සත් ජාතික පාක්ෂිකයෙකු වුවද, ගම්වාසී ගොවීන්ගේ පූර්ණ කැමැත්ත මත ගොවි සංවිධානයේ සභාපති ධුරයට පත්වූ බව පෙන්වා දෙන සභාපතිවරයා, ශ්‍රී ලංකා, එජාප හෝ මාලිමාව ලෙස පක්ෂ භේදයකින් තොරව ගොවීන්ගේ සුබසිද්ධිය උදෙසා කටයුතු කිරීමට ඉඩ සලසන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම, පසුගිය පාලන සමයන්හිදී අක්‍රමිකතාවලට සම්බන්ධ වී ගොවීන් විසින් ප්‍රතික්ෂේප කරන ලද නිලධාරීන් වෙනුවෙන් පෙනී නොසිටින ලෙසද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

​ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා සඳහන් කර සිටින්නේ, ගොවීන්ගේ කැමැත්තෙන් පත්වූ සභාපතිවරයාගේ ධුරයට කිසිදු බාධාවක් නොමැති බවත්, ගොවි සංවිධාන අකර්මණ්‍ය කිරීමේ කිසිදු වුවමනාවක් තමන්ට නොමැති බවත්ය. යම් නිලධාරියෙකු අතින් වරදක් සිදුව ඇත්නම් ඊට එරෙහිව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වෙත සාක්ෂි සහිතව පැමිණිලි කරන ලෙස උපදෙස් දෙන අමාත්‍යවරයා, ඕනෑම රජයක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ අදාළ ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිපත්තිවලට අනුව බවත් එය දේශපාලන ඇඟිලි ගැසීමක් ලෙස නොසැලකිය යුතු බවත් පෙන්වා දෙයි.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here