Home Local News Room : වාහන බදු වංචාවට වරද පිළිගත් හිටපු ඇමති ජොන්ස්ටන්ට දඩුවම්...

News Room : වාහන බදු වංචාවට වරද පිළිගත් හිටපු ඇමති ජොන්ස්ටන්ට දඩුවම් නියම කිරිම නොවැම්බර් 11 වනදා දක්වා කල් තබයි ~

0
0
කොළඹ හිල්ටන් හෝටලයේ රථගාලක නවතා තිබී සොයාගත්, ලියාපදිංචි නොකළ සහ ව්‍යාජ අංක තහඩු යොදවා තිබූ BMW වර්ගයේ මෝටර් රථයක් නීතිවිරෝධී ලෙස සන්තකයේ තබාගැනීම හා බදු වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කර ඇති හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු බව පිළිගන්නා බව ඔහු වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ මඩුල්ල කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ අද(28) දැනුම් දුන්නා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ පවත්වා චෝදනා ගොනු කර ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් දඬුවම් නියම කිරීම සඳහා නඩුව ලබන නොවැම්බර් මස 11 දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

රථවාහන පනත ,මෝටර් රථ ලියාපදිංචි නොකිරීම, ව්‍යාජ ලියාපදිංචි අංක තහඩු භාවිතය සහ බදු පැහැර හරිමින් නීතිවිරෝධී ලෙස වාහන ගෙන්වීම යනාදී චෝදනා යටතේ නඩුව ගොනුකර තිබෙනවා.

මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටින හිටපු ජනාධීපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (28)පැමිණ සිටියා.

ඒ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස ඔහු සිය නීතිඥයින් මගින් ඉදිරිපත් කර තිබූ මෝසමක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත්වීම සඳහායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here