Home Local News Room : කතානායක හොඳ පෙම්වතෙක්.. ඒකට මං ගරු කරනවා.. ගෙවල් තුනක්...

News Room : කතානායක හොඳ පෙම්වතෙක්.. ඒකට මං ගරු කරනවා.. ගෙවල් තුනක් පාවිච්චි කරන්නේ කොහොමද කියා උත්තර දෙන්න බෑ.. – මරික්කාර් (Video) ~

0
0
කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ නිල නිවාස භාවිතය, රාජ්‍ය දේපළ පරිහරණය සහ ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී දැඩි විවේචනයක් එල්ල කළේය.

කථානායකවරයා නිවාස තුනක් භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි පිළිතුරක් ලබාදීමට අපොහොසත් වී ඇති බවට චෝදනා කළ මරික්කාර් මහතා, ඔහුට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම මඟහැරීමට ආණ්ඩුව කටයුතු කරන බවද පැවසීය.

“අඩුම ගානේ ගෙවල් තුනක් පාවිච්චි කරන්නේ කොහොමද කියලා කියන්න බැහැ. ලැජ්ජ නැති වැඩනේ. මම ඉතින් එක පැත්තකින් ගරු කරනවා. එතුමා හොඳ ප්‍රේමවන්තයෙක් කියන එකට නම් මං ගරු කරනවා” යනුවෙන් මරික්කාර් මහතා උපහාසාත්මකව ප්‍රකාශ කළේය.

කථානායකවරයාගේ නිවාස, නිල වාහන සහ පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය භාවිත කිරීම සම්බන්ධයෙන්ද ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා, එල්ල වී ඇති චෝදනාවලට කථානායකවරයා සෘජුව පිළිතුරු ලබාදිය යුතු බව අවධාරණය කළේය.

ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් පවතින්නේ නම් විශ්වාසභංග යෝජනාව විවාදයට ගෙන ඡන්ද විමසීමකින් කථානායකවරයා ආරක්ෂා කරගැනීමට හැකි බවද ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here