Home Politics News Room : මැතිවරණ පැමිණිලි දැනුම් දෙන්න දුරකථන අංක

News Room : මැතිවරණ පැමිණිලි දැනුම් දෙන්න දුරකථන අංක

0
0

නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් මැතිවරණ කොමිසමට සහයවීම පිණිස පැෆ්රල් සංවිධානය මෙවරත් ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇත.

ඒ අනුව රටෙහි සිදුවන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ අපේක්ෂකයාට හෝ පාක්ෂිකයාට අගතිගාමී වන සිදුවීම්, ප්‍රචණ්ඩ ක්‍රියාවක් හෝ සිදුවීමක් වන්නේ නම් ඒ පිළිබඳව සක්‍රියව මැදිහත්ව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සිය සංවිධානය මැදිහත්වන බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

ඒ අනුව යම් මැතිවරණ පැමිණිල්ලක් ඇත්නම් පහත සඳහන් WhatsApp අංක වලට, ෆැක්ස් හෝ Email ලිපිනයන්ට යොමුකරන ලෙස ඉල්ලා සිටි. පැමිණිලිකරුගේ අවසරයකින් තොරව ඔහුගේ අනන්‍යතාවට හෙලි නොකිරීමට කටයුතු කරන බව ද පැෆ්රල් සංවිධානය සදහන් කරයි.

පළාත දුරකතන අංක (Whatsapp)

බස්නාහිර පළාත 070-1084006
දකුණු පළාත 070-1083949
ඌව පළාත 070-1084034
මධ්‍යම පළාත 070-1083974
සබරගමුව පළාත 070-1083934
වයඹ පළාත 070-1084013
උතුරුමැද පළාත 070-1083998
නැගෙනහිර පළාත 070-1083911
උතුරු පළාත 070-1083929

ඔබගේ පැමිණිලි පහතින් දක්වා ඇති Whatsapp අංකයට හෝ Email ලිපිනයටද යොමුකල හැකිය.

දුරකතන අංකය 011-2558570 / 070- 1084127

Whatsapp: 070-1084127
Fax: 011-2558572
Email: [email protected]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here