Home Politics News Room : අපේ ආණ්ඩුවේ අගමැති බදුල්ලෙන් බිහිවෙනවා

News Room : අපේ ආණ්ඩුවේ අගමැති බදුල්ලෙන් බිහිවෙනවා

0
0

මේක අද අමුතු තැනක් බවත් යූ.එන්.පී., ශ්‍රී ලංකා, පොහොට්ටු සියලුම දෙනා එකතු වෙලා ඉන්න තැනක් බවත් ජනාධිපතිවරණයෙන් පසුව පිහිටුවන අපේ ආණ්ඩුවේ අගමැතිවරයා බදුල්ලෙන් බිහිවන බව හිටපු ඇමැති හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යපාරයට සහයෝගය දක්වන සියලුම පක්ෂවලට අයත් බදුල්ල දිස්ත්‍රික් නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පෙරේදා (11) පැවති ජන හමුවකට එක්වෙමිනි.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

අද අපේ ඉලක්කය වී තිබෙන්නේ රටේ අනාගතය හා ඔබේ හෙට ඉපදෙන දරුවන්ගේ අනාගතය ගොඩනැඟීම ගැනයි. මේක පටු අරමුණුවලට ලඝු කරන්න එපා. මේ ජන්දය අවුරුදු දෙකකට කලින් අපට වෙච්ච දේ ගැන මතක් කර ගන්න.

ඇත්තටම සජබය හදපු මිනිහෙක් මම. පළමු වෙන්ම සජිත් එනවා කියල බදුල්ලේ රැස්වීම කරලා සජිත් එක්ක වේදිකාවට එනකොට සජිත් මට කිව්වේ මල්ලි මේ අයට කියපන් මාව උස්සාගෙන යන්න කියලා. ඒ පාර කරේ තියාගෙන වේදිකාවට ගෙනාවා. එදා බදුල්ලේ රැස්වීම ලැහැස්ති කරලා ඔක්කොම සුදානම් කරලා තියෙනකොට වහිනවා. පස්සේ බදුල්ලට ආපු එතුමා මගෙන් ඇහුවේ මල්ලි හැමදාම සුදු අඳිනවා. අද මොකක්ද අඳින්නේ කියලා. පස්සේ මම තමයි කළු ටීෂර්ට් එක ඇන්දුවේ. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයාට මම මොකුත් කියන්නේ නෑ. ස්තුතියි කියනවා, එතුමා දන්නවා මම එතුමා වෙනුවෙන් කොච්චර වැඩ කරලා තියෙනවා ද කියලා. එතුමාගේ රැස්වීම් 154 ම සංවිධානය කළේ මම. මගේ තාත්තා මැරිච්ච දවසේ තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා සජිත්ව ජනාධිපති අපේක්ෂක ලෙස නම් කළේ.

ඒ නිසා මම අද ඔබලාට කියනවා ඇයි අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා ජයග්‍රහණය කළ යුත්තේ කියලා. එදා සජිත් ප්‍රේමදාස ඒ අභියෝගය භාර ගත්තේ නෑ. සජබ හිටිය මමත් මනුෂත් මන්ත්‍රීවරුන් හය හත්දෙනෙක් අපි සඳුදා ඉඳන් බ්‍රහස්පතින්දා දක්වා දිගටම මේක භාර ගන්න එක ගැන සාකච්ඡා කළා. එක එක දවසට එක එක දේවල් කියනවා. පස්සේ අන්තිම දවසේ මම එතුමාගෙන් ඇහුවා ඇයි ඇත්තටම මොකක්ද තියෙන ප්‍රශ්නය කියලා. එතුමාට බය වෙන්න හේතුවක් තිබුණා. මම අද කියන්නම්, ඔයාලට එතුමා බය වුණේ ආණ්ඩුව අරගෙන මෙනවා හරි කරලා රට හදාගෙන ආවත් අවුරුදු දෙකකින් ජන්දෙට එනකොට මිනිස්සු එයාට බණින නිසා. එයා බය වුණා ඒක එයාගේ අනාගත දේශපාලන ජීවිතයට බලපායි කියලා. අන්න එතැනයි තියෙන්නේ වෙනස. එතුමා හිතුවේ තව අවුරුදු දහයක් දොළහක් බලයේ ඉන්නේ කොහොමද කියලා.

මම හැමදාම උත්සාහ කළේ සජිත් – රනිල් එකතු කරන්න. ඒක වුණේ නැහැ. හැබැයි කෙසේ වෙතත් අද රනිල් වික්‍රමසිංහ මහත්තයා ලෝකෙට පෙන්නලා තියෙනවා එතුමා මොන තරම් බුද්ධිමත් නායකයෙක්ද කියලා. ඔබතුමාලා අද බංග්ලාදේශය ගැන බලන්න. බංග්ලාදේශයේ වත්මන් තත්ත්වය මේ නාළිකා දාන්නේ නැහැ. ඒවා ලංකාවේ පෙන්නන්නේ නැහැ. ඇයි එහෙම කළෙත් ඔවුන්ට අවාසි වෙනවා. මම ආදරය කරන නාළිකාවකුත් මෙතැන තියෙනවා. ඒ නිසා මම සජිත් මහත්තයාට අභියෝගයක් කරන්න ලැහැස්තියි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට පුළුවන් නම් දෙන්න ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය. එයාට දෙන්නේ නැහැ. අපි බදුල්ලෙන් යෝජනාවක් සම්මත කරමු හිරුණිකාට දෙන්න කියලා. හැබැයි ඒක හිරුණිකාට ලොවෙත් දෙන්න දෙන්නේ නැහැ. ඒ නම් ගැන පොඩි ඝට්ටනයක් තියෙනවා. එහෙමවත් තීන්දුවක් ගන්න බැරි මිනිහෙක් මේ රටේ ජනාධිපති වුණොත්, එතැනින් එහාට කියලා වැඩක් නැහැ.

බදුල්ල – නිශාන්ත අබේගුණවර්ධන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here