Home Politics News Room : නියත වශයෙන්ම රනිල් වික්‍රමසිංහ යළිත් ජනපති

News Room : නියත වශයෙන්ම රනිල් වික්‍රමසිංහ යළිත් ජනපති

1
0

මෙවර පවත්වන ජනාධිපතිවරණයෙන් නියත වශයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

රුවන් විජේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ ගම්පහ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක හා හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ ඉඹුල්ගොඩ අමුණුගොඩ කොට්ඨාසයේ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සවයේදීය.

එහිදී තවදුරටත් කතා කළ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේ විපක්ෂය විවිධ කටකතා පැතිරවනු ලැබූවත් රට නිවැරදි මාවතකට ගෙන ආවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවය.

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන් හා ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරුන් විශාල පිරිසකගේ මෙන්ම විපක්ෂයේ පක්ෂ ගණනාවක් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය සඳහා සහයෝගය ලැබෙන බවද ඒ මහතා පැවසීය.

මෙහිදී ගම්පහ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක හා හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ, ගම්පහ ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක හා ඉඹුල්ගොඩ කලාප සංවිධායක සමීර රන්දෙණිය යන මහත්වරුද කතා කළ අතර, මෙම අවස්ථාවට ගම්පහ පළාත් කළමනාකාර ජෙයරාජ් චන්දාසේකර, ගම්පහ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන සමත් රූපසිංහ, ආනන්ද ප්‍රේමරත්න, රේණුකා පෙරේරා සහ ඈන් ශිරාණි යන මහත්ම මහත්මීන් ඇතුළු කලාප සංවිධායකවරුන්ද සහභාගි වූහ.

ගම්පහ දිස්ත්‍රික් විශේෂ සිසිල ගුණතිලක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here