Home Politics News Room : අනා­ග­තයේ යහ­පත වෙනු­වෙන් තමන්ගේ ඡන්දය භාවිත කරන්න

News Room : අනා­ග­තයේ යහ­පත වෙනු­වෙන් තමන්ගේ ඡන්දය භාවිත කරන්න

0
0

තමන්ගේ දරු­වන්ට, තමන්ගේ ප්‍රදේ­ශ­යට සහ තමන්ගේ රටට යහ­ප­තක් සිදු කිරීමේ අපේ­ක්ෂාව ඇතිව ජන­තාව ඉදිරි මැති­ව­ර­ණ­යේදී ඡන්දය පාවිච්චි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක, නීතිඥ අකිල විරාජ් කාරි­ය­ව­සම් මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැව­සුවේ සිරි­කොත පක්ෂ මූල­ස්ථා­න­යේදී පෙරේදා (13) පැවති මාධ්‍ය හමු­වට එක්වෙ­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැව­සීය.

“තව දින තිස් අට­කින් ජන­තා­ව­ගෙන් මේ රට ඉදි­රි­යට ගෙන යන්න කවුද සුදුසු කියන කාර­ණය විම­සන්න නිය­මි­තයි. සම­හර වෙලා­වට කතා­වට ජාති­ක­ත්ව­යට සහ විවිධ හේතු­ව­ලට පව­තින රුචි­ක­ත්වය නිසා ජන­තාව මැති­ව­ර­ණ­ව­ලදී වැරදි තීන්දු ගත්තා. එවැනි තීන්දු­වක් තමයි අපි 2019දී අත්දු­ටුවේ කියන එක සඳ­හන් කළ යුතුයි. එවැනි තීන්දු නිසා රටක් විදි­හට අපි බර­ප­තළ අර්බු­ද­ය­කට මුහුණ දුන්නා. වර්ත­මාන ජනා­ධි­ප­ති­ව­රයා තමන්ගේ අත්දැ­කීම් පාවිච්චි කර­මින් ඉතා සාර්ථ­කව රට ඉදි­රි­යට ගෙන යමින් ඔහුගේ වච­න­යෙන්ම කිය­නවා නම් වැල් පාල­මෙන් එගොඩ වෙන්න උත්සාහ කරන මොහො­ත­කයි අපේ රට සිටින්නේ. තමන්ගේ දරු­වන්ට, තමන්ගේ ප්‍රදේ­ශ­යට, තමන්ගේ රටට යහ­ප­තක් සිදු කිරීමේ අපේ­ක්ෂා­වෙන් තමයි ජන­තාව මැති­ව­ර­ණ­යේදී ඡන්දය පාවිච්චි කරන්නේ. බොහෝ වේලා­වට මිනි­සුන් කල්පනා කරන්නේ සමාජ මාධ්‍ය කියන නිසා හෝ කවු­රුන් හෝ කියන නිසා හෝ පෞද්ග­ලික රුචි­අ­රු­චි­කම් නිසා හෝ ඡන්දය පාවිච්චි කර­නවා. මෙයාට තමයි මේ පාර රැල්ල තියෙන්නෙ, මෙයාට දෙන්න ඕනෙ කියලා හිත­නවා. එහෙම ඡන්දය පාවිච්චි කිරී­මේදී නැවත රටේ ජන­තාව තමයි අමා­රු­වක වැටෙන්නේ.

අපි දිනු­වත් පැර­දු­ණත් ප්‍රති­ප­ත්ති­වල හිටපු පිරි­සක් කියන එක හැමෝම දන්නවා. මම ලක්ෂ තුනක විතර ඡන්ද ප්‍රමා­ණ­යක් අර­ගෙන ලංකාවේ පස්වෙ­නි­යට වැඩිම ඡන්ද අර­ගෙන ඊළඟ මැති­ව­ර­ණ­යේදී ජන­තාව ගෙදර යැව්වා. බොහෝ වෙලා­වට තමන්ට පාර්ලි­මේන්තු යන්න පුළු­වන් කොහො­මද? අර ලැයි­ස්තුවේ කවුද ඉන්නේ? මේ ලැයි­ස්තුවේ කවුද ඉන්නේ? මට එත­කොට මේ දිස්ත්‍රි­ක්ක­යෙන් පාර්ලි­මේන්තු යන්න පුළු­වන් ද කියන කාර­ණය තමයි ඔවුන් සොයා බලන්නේ. දේශ­පා­ලන පිල් මාරු සිදු කර­න්නෙත් එවැනි කාරණා පද­නම් කර­ගෙ­නයි.

අපි හම්බ කර­ග­ත්තොත් අපි කන­වයි කියන ප්‍රති­ප­ත්තියේ ඉදීම වැර­දියි. පසු­ගිය කාලයේ අපි හම්බ කර­ග­ත්තත් අපට කන්න විදි­හක් තිබුණේ නෑ. ඒ නිසා දේශ­පා­ල­නය තුළට ඇවිල්ලා හරි විදි­හට හැසි­රීම අත්‍ය­ව­ශ්‍යයි. බංග්ලා­දේ­ශ­යට අද රනිල් වික්‍ර­ම­සිංහ වගේ නාය­ක­යෙක් හිටියා නම් මේ ගැට­ලුව ඇති­වෙන්නේ නෑ. පකි­ස්ථා­නයේ මේ තත්ත්වය උදා වෙලා තිබෙ­නවා. මේ වැඩ­පි­ළි­වෙළ ඉදි­රි­යට යනවා නම් මේ වැඩ­පි­ළි­වෙ­ළට සහාය දී ඉදි­රි­යට යා යුතුයි. අපි ගෝල්ෆේස් එක දෙපා­රක් පිරෙව්වා. නමුත් ඊළඟ මැති­ව­ර­ණ­යේදී අපි පරා­ජය වුණා. එනිසා ජන­තාව බුද්ධි­මත්ව මේ වෙලාවේ තීරණ ගත යුතුයි. රනිල් වික්‍ර­ම­සිංහ මහතා වගේ කෙනෙක් නැවත හදා ගන්නත් බෑ. පරි­චය කියන දේ පොත් කිය­වලා ගන්න පුළු­වන් එකක් නෙමෙයි. දේශ­පා­ලන ක්ෂේත්‍රයේ අත්දැ­කීම් ලබා දැන් හොඳම තැනක ඔහු ඉන්නේ. එනිසා ඔහුට අවු­රුදු පහ­ක්වත් තව මේ රටේ පාල­නය දිය යුතුයි. රටක් ගොඩ දාන්න පුළු­වන් නාය­ක­යෙක් කියන එක මුළු ලෝකෙම පිළි­ග­න්නවා. ඒ දෙයින් ප්‍රයෝ­ජ­න­යක් ගන්නව ද? නැද්ද? කියන එක මේ රටේ ජන­තාව තේරුම් ගත යුතුයි. මේ රට ගොඩ දාන්න පුළු­වන්, ඉදි­රි­පත් වෙලා ඉන්න අය­ගෙන් එකම නාය­කයා වර්ත­මාන ජනා­ධි­ප­ති­තුමා පම­ණයි. අපි වෙනස් වන ලෝක­යත් එක්ක ගනු­දෙනු කර ඉදි­රි­යට යන්නේ කොහො­මද කියන එක ජනා­ධි­ප­ති­ව­රයා සාකච්ඡා කර­නවා.

මුලින්ම තුන්වේල කන එකට අවශ්‍ය ක්‍රම­වේ­දය සකස් කළා. ඊට පස්සේ බෙහෙත් ටික ගන්න සැලැ­ස්සුවා. ඊට පස්සේ අස්වැ­සුම දෙන්න ක්‍රියා කළා. විදුලි මිල පහත දමා තිබෙ­නවා. එතුමා කියපු දේ ඒ ආකා­ර­යෙන්ම ඉෂ්ට කර තිබෙ­නවා. ඒ නිසා රටට දෙන නාය­ක­ත්වය තමයි වැද­ගත් වෙන්නේ. අපට හොඳ ඇන්ජින් එකක් තිබෙ­නවා, හොඳ ඩ්‍රයි­වර් කෙනෙක් ඉන්නවා. එතුමා තමයි එදත් රුපි­යල් දස දහ­ස­කින් වැටුප් වැඩි කළේ. අදත් එය සිදු කළේ එතුමා පම­ණයි.”

නෙත්මි පූජනී රත්නා­යක සහ මැද කොළඹ සමූහ – ආරි­ය­රත්න ගනේ­ගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here