15
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට කළගුණ සැලකීමක් ලෙස ඔහුගේ පුත්‍රයා වන නාමල් රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය දෙන්නැයි හිටපු ඇමැති, මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. මන්ත්රීවරයා මේ බව පැවසුවේ හම්බන්තොට දිස්ත්රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පළාත් පාලන නියෝජිත පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්රීවරයා මෙලෙස ද කීවේය.
“දශක තුනක් පුරා පැවති යුද්ධය මෙරට නායකයන් කිහිප දෙනකුටම අවසන් කිරිමට නොහැකි වුණා. ඒත් මහින්ද රාජපක්ෂ මහතා කොටි ත්රස්තවාදයෙන් රට බේරා ගත්තා. ඔහු මෙරට විශාල සංවර්ධන වැඩ කොටසක් කළා. ඒවාට කළගුණ සැලකීමක් ලෙස ඉදිරි ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කරන ලෙස ඉල්ලා සිටිනවා.”
සුභාෂිණී සේනානායක