Home Politics News Room : රාජ්‍ය දේපොළ විකුණන කුමන්ත්‍රණකාරී ක්‍රියාවලට හවුල් වෙන්න එපා

News Room : රාජ්‍ය දේපොළ විකුණන කුමන්ත්‍රණකාරී ක්‍රියාවලට හවුල් වෙන්න එපා

0
0

“ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදී සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපතිවරණය පවත්වනවා. එසේ තිබියදී ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරන ලාබ ලබන රාජ්‍ය සම්පත්, රාජ්‍ය දේපළ විකුණා දමන කුමන්ත්‍රණකාරි ක්‍රියාවට හවුල් වෙන්න එපා කියල මේ රටේ වගකිවයුතු රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලනවා. එසේ කර තිබුණොත් අනිවාර්යයෙන්ම එයට සම්බන්ධ සියලුම දෙනා නීතිය හමුවට ගෙන එන බව” විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය (14) දා අගලවත්ත නගරයේ දී කීවේය.

විපක්ෂ නායකයා මෙසේද කීවේය‍ෙ “රාජ්‍ය දේපළ, රාජ්‍ය සම්පත් අවභාවිතය අද මේ රටේ ඉහළින්ම සිදුවෙනවා. පසුගිය සති දෙක තුන පුරාවට සජිත් ප්‍රේමදාසගේ සක්වළ වැඩසටහන තහනම් කළා. පාසල්වලට පරිගණක, ස්මාට් බෝඩ් ලබාදෙන එක, රෝහල්වලට වෛද්‍ය උපකරණ ලබාදෙන එක තහනම්. නමුත් රටේ ජනතාවගේ බදු මුදලින් ලබන රාජ්‍ය ආදායමෙන් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති ජනතා අයිතියට පත් කරන්නට ජනාධිපතිවරයාට කිසිම තහංචියක් නැහැ. මේ මැතිවරණ සමයේ මේ සිදුවූ අවභාවිතය පිළිබඳ අපි සොයා බලනවා. වැරදි කරපු අයට අනිවාර්යෙන්ම උත්තර බඳින්න සිදුවෙනවා.

මේ රට විනාශ කළ, මේ රට බංකොලොත් කළ ආර්ථික ඝාතකයන් අද සුර සැප විඳිනවා. ලක්ෂ දෙසිය විස්සක් ජනතාව අන්ත දුක් විඳිනවා. දසලක්ෂ ගණනින් මේ රටේ ජනතාව අසරණ වෙලා. තාරුණ්‍ය අනාථ වෙලා. සමස්ත පුරවැසි පරපුරම පතුලටම වැටිල කර කියා ගන්න දෙයක් නැතිවෙලා තිබෙනවා. මේ හඬක් නැති ජනතාවට ඔබගේ ශක්තියෙන් ලබන සැප්තැම්බර් 21 වැනිදායින් පසු නිහඬ බහුතරය සමඟ මේ රටේ හඬක් නැති ජනතාවට හඬක් වෙනවා.”

හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් මහතා – “විපක්ෂ නායකයෙකු ලෙස මේ රටේ වැඩියෙන්ම වැඩ කළ නායකයා සජිත් ප්‍රේමදාම මැතිතුමායි. මම එතුමාගේ දැක්ම වැඩපිළිවෙළ දිහා කාලයක් තිස්සේ බලා‍ෙගන හිටියා. විපක්ෂ නායකයෙකු ලෙස ඒ තරම් වැඩ කොටසක් කළ‍ා නම් තව දින කීපයකින් මේ රටේ ජනාධිපති වුණාම මොන තරම් වැඩ කොටසක් කරන්න පුළුවන් වෙයිද කියල අපි කාටත් හිතාගන්න හැකියි.”

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි – ඩලස් අලහප්පෙරුම මහතා – “ලංකා දේශපාලන ඉතිහාසයේ අසිරිමත්ම දේශපාලන එකතුව දැන් සිදු වෙලා තියෙනවා. උතුර දකුණ යා වෙලා තියෙනවා. නැඟෙනහිර බටහිර යා කරල තියෙනවා. කඳුරට යා කරල තියෙනවා. ජාතිකවාදයයි ජාත්‍යන්තරවාදයයි යා කර තිබෙනවා. මේ සියල්ල කළ හැකිව තිබෙන්නේ දුරකතන රැහැනට පමණයි. ටෙලිපෝනයට හැර එහෙම යා කළ හැකි ලකුණක් නැහැ. සමගි ජන සන්ධානය කියන්නෙ දේශපාලන ඉතිහාසයේ අසිරිමත්ම දේශපාලන කැටයමයි. හෙට දවසේ ප්‍රධාන දේශපාලන ධාරාවේ පක්ෂයක් සමගි ජන බලවේගය සමඟ එකතුවෙනවා.”

අර්ජුන රණතුංග මහතා – “විගණකාධිපතිතුමාගේ වාර්තාවලින් හොරු කියල නම් කරපු කණ්ඩායම අද රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක එකතුවෙලා තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂිතයන් ආරක්ෂා කරන කාලෙක සජිත් ප්‍රේමදාස මහත්තයල නායකත්වයෙන් ක්‍රිකට් ගොඩගන්න විශාල කැපවීමක් කළා. ඒ නිසා යුතුකමක් ලෙස මා එතුමාගේ දැක්ම සමඟ එකතුවෙලා මේ රට ගොඩනඟන්න කල්පනා කළා.”

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය – “දරුවන්ගෙ ලේ මතින්, කඳුළු මතින්, දරුවන්ගෙ මිනී මතින් ගොඩනැඟුනු පක්ෂයක නායකයෙකුට මේ රටේ ජනාධිපති වෙන්න බැහැ. එහෙම නම් මේ අදහන ආගම් දහම බොරු වෙන්න ඕනා. ඒ නිසා අනුර කුමාර දිසානායකට මේ රටේ ජනාධිපති වෙන්න බැහැ. සජිත් ප්‍රේමදාස ගැන එක පොලිස් පොතක පැමිණිල්ලක් තියෙනවද. මිනී මරල කියල චෝදනා තියෙනවද. වංචා කරල තියෙනවද වැරදි වැඩක් කරල තියෙනවද. කිසිම කළු පැල්ලමක් ඔහුගේ ජීවිතේ නැහැ.”

සමගි ජන බලවේගයේ අගලවත්ත සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රි – ජගත් පින්නගොඩ විතාන මහතා – “සජිත් ප්‍රේමදාස මහතා මෙවර ජනාධිපතිවරයා බවට පත්වෙන්නෙ ඡන්ද අසූපන්ලක්ෂයක ඉලක්කයකින් බව මම කියනවා. මෙවර කළුතර දිස්ත්‍රික්කය ජයග්‍රහණය නොකළොත් මම මගේ දේශපාලනය නතර කරනවා. ”

මීගහතැන්න සමූහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here