23
රටේ තිබෙන ප්‍රශ්න සඳහා විසඳුම් දීමට අවශ්‍ය ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබෙන, එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කණ්ඩායම සිටින එකම අපෙක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (15) සමඟි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා:
”ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා නාම යෝජනා භාර ගැනීම අවසන් වෙලා තිබෙනවා. නාම යෝජනා භාර දීම සිදු කරන විටම රටේ ජනාධිපතිවරයා ලෙස සියලු අතින් සුදුසුකම් තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට බව පැහැදිලි වෙලා තිබෙනවා. රටේ ජනතාවගේ ප්‍රශ්න තේරුම් ගත්ත , බලයක් නොමැතිව විපක්ෂයේ සිට ජනතාව වෙනුවෙන් සේවය කළ , රටේ තිබෙන ප්‍රශ්න සඳහා විසඳුම් දීමට අවශ්‍ය ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබෙන එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කණ්ඩායම ඉන්න එකම අපෙක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා පමණයි.
”රට වැටී තිබෙන තත්ත්වයෙන් මුදාගැනීමට වැඩපිළිවෙළක් ආරම්භ කොට ඒ වැඩපිළිවෙළ කණ්ඩායමක් සමඟ දියත් කරන්න යම් කිසි කාලයක් ගත වන බව රටේ සියලුම දෙනා දන්නා කරණයක්. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩපිළිවෙළ රට තුළ ක්‍රියාත්මක වන විට , ඒ වැඩපිළිවෙළ හරහා ජනතාව ආර්ථික වශයෙන් නැඟිටිනකොට , ඉදිරියේ පවත්වන මැතිවරණවලදීත් සජිත් ප්‍රේමදාස මහතාට ජනතා සහාය ලැබෙන බව සහිතක කරලා කියන්න පුළුවන්. රට වැටී තිබෙන අගාධයෙන් ගොඩගැනීමට හැකි අභියෝගාත්මක වැඩපිළිවෙළට අවශ්‍ය කරන ශක්තිමත්භාවය සජිත් ප්‍රේමදාස මහතාට තිබෙනවා. ඒ වගේම වංචාවෙන් දූෂණයෙන් තොර , අද්දැකීම් තිබෙන කණ්ඩායමක් සිටින එකම අපෙක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහතාට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකියි කියන විශ්වාසය ජනතාව තුළ ඇති වෙලා තිබෙනවා. රට වැටී තිබෙන අගාධයට ඇද දමන්න දායක වුණ යම් කණ්ඩායමක් පාර්ලිමේන්තුව තුළ සිටිනවා. ඒ කණ්ඩායම ගෙදර යවන්න ජනතාව සැදී පැහැදී සිටිනවා.
”ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වුණ වහාම රටේ උත්තරීතර නීතිය රටේ ඉහළින්ම තිබෙන දෙය බවට පත් කරන්න කටයුතු කරනවා. අද වන විට නීතියට සිදු කරන බලපෑම් සියල්ල සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් පාලනයකදී නැති කිරීමට කටයුතු කරනවා. උත්තරීතර නීතිය ඉහළින්ම ක්‍රියාත්මක වන රටක් බවට සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ පත් කරන්න කටයුතු කරනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතාගේ පාලන කාලය තුළ රට බංකොලොත් කරන්න කටයුතු කළ පිරිසට දඬුවම් දෙන්න කටයුතු කරනවා. ඒ වගේම දුක් විඳින ජනතාවට සහන ලැබෙන පාලන ක්‍රමයක් සජිත් ප්‍රේමදාස මහතාගේ පාලන කාලය තුළ ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා.”
රක්ෂණ ශ්‍රියන්ත