Home Politics එජායේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු ‘දෙදෙනෙක්’ පරාජය අතරේ මුදල් වංචා කරලා මාට්ටු

එජායේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු ‘දෙදෙනෙක්’ පරාජය අතරේ මුදල් වංචා කරලා මාට්ටු

833
0

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු මහ මැතිවරණයේදී
ක්‍රියාකර ඇති ආකාරය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා.

පක්ෂ නායකත්වයට ලැබුණු පැමිණිලි මත මෙම විමර්ශනය ආරම්භ කර තිබේ. මහ මැතිවරණයේදී ඔවුන්ට ප්‍රචාරක කටයුතු භාර දුන් කොට්ඨාසවල නිසි අයුරින් කටයුතු කර නොමැති බවත් අනවශ්‍ය වියදම් කර ඇති බවත් පක්ෂ නායකත්වය වෙත පැමිණිලි ලැබී ඇති බව වාර්තා වනවා.

මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීම සඳහා ගමන් කිරීමේදී ඉන්ධන ලබාගත් බවට ඔවුන් දෙදෙනා පක්ෂය වෙත බිල්පත් ඉදිරිපත්කර ඇතත් එම මුදල් නොගෙවන ලෙසද පක්ෂ නායකත්වය දැනුම් දී තිබෙනවා.

එක් මන්ත්‍රීවරයකු යටතේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ක්‍රියාත්මක වූ දේශපාලන ක්‍රමෝපායන් පිළිබඳ අංශයද පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් වෙත භාරදී ඇති අතර එම අංශයේ සේවක සේවිකාවන් 20ක් සේවය කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here