Home Politics News Room : රට බේරාගත්ත නායකයාට ජන වරමක් දෙන්න අපට යුතුකමක් තියෙනවා

News Room : රට බේරාගත්ත නායකයාට ජන වරමක් දෙන්න අපට යුතුකමක් තියෙනවා

1
0

එදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රට භාර නොගත්තා නම් බංග්ලාදේශයට වුණ දේවල් සිද්ධ වෙලා කොතනින් නවතියි ද කියලා දන්නේ නෑ. රට බේරාගත්ත මහා ජන නායකයාට ජන වරමක් දෙන්න අපට යුතුකමක් තියෙනවා. ඉදිරි මැතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඔබගේ වටිනා ඡන්දය දීලා පත් කරගෙන නව සංවර්ධන වැඩපිළිවෙළකට යමු යැයි කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ ගලිගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු හමුවකදීය. මෙම හමුව ගලිගමුවේ දී පැවැත්විණ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,

අපට අවශ්‍ය වෙලා තියෙනවා පසුගිය කාලයේ ව්‍යසනයෙන් රට බේරා ගත්ත නායකයාට ජනතා වරමක් ලබා දෙන්න. අපි ජනවරමක් එතුමාට ලබා නොදුන්නොත් ඉදිරියේදී අති වන තත්ත්වය මොකද්ද කියලා තමුන්නාන්සේලා දන්නවා. මේ ගමන ඉතා පැහැදිලිව තවදුරටත් දවසෙන් දවස ඉදිරියට රැගෙන යා යුතුයි. පසුගිය අරගලය පැවති කාලය අපට තාම අමතක වෙලා නැහැ. නැවත අපට ඒ තත්ත්වය අසල්වැසි රටක් වන බංග්ලාදේශය පෙන්වා දීලා තියෙනවා. එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට භාර නොගත්තා නම් මොකක්ද වෙන්නේ කියලා තමුන්නාන්සේලා හොඳටම දන්නවා. එහෙනම් බංග්ලාදේශය වගේ රටක තත්ත්වය උදා වෙන එක අහන්න දෙයක් නෙමේ කියලා තමුන්නාන්සේලාට මම මතක් කරලා දෙනවා. බංග්ලාදේශයේ අරගලකරුවන් සාමාන්‍ය මිනිස්සු කකුල් දෙකෙන් එල්ලලා මරලා තියෙනවා. ඔක්කොම 300ට වඩා ඝාතනය කරලා තියෙනවා.මේක තමයි තව ටික දවසක් ගියා නම් අපේ රටටත් වෙන්නේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට භාර නොගත්තානම් කොතනින් කෙළවර වෙයි ද කියලා තමුන්නාන්සේලා කල්පනා කරලා බලන්න. මේ රට බේරා ගත්ත ඒ මහා ජන නායකයාට ජන වරමක් දෙන්න වේලාව ඇවිල්ලා තියෙනවා. ජනවරමක් දෙන්න අපට ජාතික යුතුකමක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ඉදිරි ජනාධිපතිවරණයේදී ඔබගේ වටිනා ජන්දය ලබා දීලා ජනාධිපතිවරයා ලෙස මේ රටට පත් කරන්න.

රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය කිසිම සැකයක් නෑ. අපට ඒ ගැන බියක් නෑ. විවිධ දේවල් මේ දවස්වල රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කියනවා. මේ දවස්වල අපි වේදිකාවල විවිධ ජවනිකා දකිනවා. ළමයි දෙන්නා තුන් දෙනා ඉන්න පරණ ජෝඩු නැවත පෝරුවේ නඟිනවා අපි දැකලා තියෙනවා. එදා නීත්‍යනුකූල විවාහ අඩුයි. දැන් පෝරු මතට නැඟලා උත්සව ගන්නවා. දැන් බලන්ඩ අලුතෙන් අරයා එකතු වුණා මෙයා එකතු වුණා කියල කියනවා. මේ ඔක්කොම පරණ ජෝඩු. මේ රටේ හැම සමීක්ෂණයකදීම රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරියෙන් ඉන්නවා කියලා තහවුරු කරලා තියෙනවා. උතුරු නැගෙනහිරත් ඉදිරියෙන් සිටිනවා. මේ රටේ ඡන්ද එක්කෝටි හැත්තෑ ලක්ෂයක් තියෙනවා. ඒ ඡන්ද අතරින් ලක්ෂ 40ක් කාටද දෙන්න කියලා තීරණය කරලා නැති කොටසකුත් ඉන්නවා.

ඒ ලක්ෂ 40න් භාගයක් ගන්න පුළුවන් නම් අපි විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. ඒ ඉලක්කයට ඇත්තටම අපිට යන්න වෙනවා.

කෑගල්ල විශේෂ – චමින්ද ජයලත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here