38
සජබෙන් මන්ත්‍රීන් 13ක් ඇවිත්: තව දින 7ක් යනවිට සජබෙන් කීයක් යයිද කියා බලාගන්න පුළුවන් – රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත
රටේ අනාගතය තීරණය වන මේ මැතිවරණයේදී වෛරී සහ කයිවාරු දේශපාලනය ප්‍රතික්ෂේප කර ජනතාවට ඇත්ත කියන රනිල් වික්‍රමසිංහ මහතාට තවත් වසර පහකට බලය ලබාදීමට මෙරට බුද්ධිමත් ජනතාව තීරණය කර අවසන් බවත් මේ රට ගොඩනැඟිය හැකි එකම නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.
නිමල් ලාන්සා මහතා මේ අදහස් පළ කළේ මීගමුව ඔලැන්රා හෝටලයේ පැවති මීගමුව – කටාන ප්‍රධාන ක්‍රියාකාරීන්ගේ හමුවකට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් නිමල් ලාන්සා මහතා මෙසේද පැවසීය.
Òඅපි නායකත්වය දුන් සියලු දේ ජයග්‍රහණය කළා. ජනතාව සමඟ මහ පොළොවේ සිටින අය දේශපාලනයේ ඉදිරියට රැගෙන ආ යුතුයි. රැල්ලට ගිහින් ජනතාවට උදව් නොකරන පිරිස් ගෙන ඒමෙන් ජනතාවත්, රටත් ආපස්සට යනවා. ගම, නගරය, රට හදන්න පුළුවන් නායකයෙක් බලයට ගේන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහ මහතා හැර මේ රට හදන්න පුළුවන් කෙනෙක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා සහ අනුර කුමාර මහතා ගත්තාම අහසට පොළොව වගේ. රස්සාවක්, ව්‍යාපාරයක් කර නැති කෙනෙකුට රටක් හදන්න බැහැ. ඒ අයට රටක් කරන්න අත්දැකීමක් තිබෙනවද? ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කරන්න පුළුවන්ද?
ගෝඨාභය රාජපක්ෂ මහතා ගේද්දිත් අපි කිව්වා ගේන්න එපා කියලා. ජනතාව තමා ගෙනාවේ. ඊට පස්සේ අපිත් වැඩ කළා. අන්තිමට වැඩ කරපු මිනිස්සු අයින් වුණා. ඒ නිසා ජනතාව තීන්දු කළ යුතුයි මේ රට කරන්න පුළුවන් කාටද කියලා. සජිත් ප්‍රේමදාස මහතාට පුළුවන්ද රට කරන්න. එතුමා ළඟ ඉන්න අය කියන කතා ඇහුවාම, එතුමා අමාත්‍යාංශය කරපු හැටි දැක්කාම තේරෙනවා එතුමාට රට කරන්න බැහැ කියලා. රස්සාවක් නොකරපු, ව්‍යාපාරයක් නොකරපු අය, අත්දැකීමක් නැති අයට රටක් කරන්න බැහැ. මේ රට තිබෙන තත්ත්වය අනුව ජාත්‍යන්තරය එක්ක සබඳතා තිබෙන රනිල් වික්‍රමසිංහට හැර වෙනත් අයෙකුට මේ රට ගොඩගන්න බැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවේ ඉන්න වැඩිම මන්ත්‍රීවරුන් පිරිස එතුමා සමඟ එකතු වී ඉන්නවා.
නාමල් රාජපක්ෂලගේ දේශපාලනය නිසා තමයි අර මොකද්ද ගෝ ගමකට ගහන්න ගිහින් රටක්ම ගිනිබත් කළේ. ඒ අය කරපු වැඩේ නිසා තමයි ගම්වල හිටපු පාක්ෂිකයන්ට, අපට වන්දි ගෙවන්න සිදු වුණේ. දැන් මේ රට යන විදියට යන්නනම් රනිල් වික්‍රමසිංහ හැර වෙනත් නායකයෙක් නැහැ. වෙන විකල්පයක් ගැන හිතුවොත් මාස තුනයි, මාස හයයි. කලින් තත්ත්වයටත් එහා යනවා.
ජනතාව දැන් රනිල් වික්‍රමසිංහ මහතා ගැන කතා කරනවා. රට මේ විදිහට යන්න ඕනෑ නැතිනම් මේ රට බංග්ලාදේශය වගේ වෙයි කියලා. ජනතාවට ඒ ගැන තේරෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමට පාර්ලිමේන්තුවේ ඉන්න වැඩිම දේශපාලන පක්ෂ ප්‍රමාණයක් එකතු වෙලා ඉන්නවා.
නිවාස හා නාගරික සංවර්ධන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා –
මම සාමාන්‍යයෙන් අපේ ජනතාව අහන ප්‍රශ්නවලට ඍජුවම උත්තර දෙන කෙනෙක්. ජනතාව අහනවා මේ දවස්වල ඔබතුමාගේ දේශපාලන පක්ෂය මොකක්ද කියලා. මම දෙන උත්තරය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමයි. එහෙම නැත්තම් පොහොට්ටුව. අපි හිටපු ඒ දේශපාලන පක්ෂය අද වෙන ගමනක් යනවා. 2022 දී ඇති වුණු තත්ත්වය එක්ක අපේ නායකයන් රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැතිවරයා බවට පත්කළා. ඊට පසු ජනාධිපති කළා. එදා මහින්ද සුළඟ එක්ක නිමල් ලාන්සා මහතා වගේම, පළාත් සභා හා පළාත් පාලන අපේ නියෝජිතවරු එදා එකතු වෙලා පොහොට්ටු පක්ෂය නිර්මාණය කළා. එදා තුනෙන් දෙකක බලයක් අපට ලැබුණා. මන්ත්‍රී ආසන 156ක් හිමි වුණා. එයින් 104ක් අද රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒකට හේතුවක් තිබෙනවා, 2022 දී අපේ රට කඩා වැටුණු ආර්ථිකයක් තිබුණු අවුල් වූ රටක්. ඒක නිවැරදි මඟට ගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතියි. දැන් අපේ නායකයන් කියනවා රනිල් මහතා එක්ක හිටගන්න එපා කියලා. ඒක වැරදියි, 2022 අවුරුද්දේ රට වැටුණාම නායකයෝ ටික විදේශගත වුණා. සමහරු හැංගුණා. ඔබට මතක ඇති ඒ කාලේ හර්ෂද සිල්වා මහතා, මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ සාකච්ඡා කළා. එළියට ඇවිත් කිව්වේ මොකක් ද. මේක ගොඩගන්න බෑ කියලා. නමුත් දුක් විඳින ජනතාව වෙනුවෙන් රටේ බර කරට ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා. එතුමා විතරයි පුළුවන් කිව්වේ. එතුමා වැඩේ පටන් ගත්තා. රට ගොඩදැම්මා.
ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතා –
නිවැරදි තීන්දූවල සිටිමින් එම තීන්දු ක්‍රියාත්මක කරන්න කටයුතු කළ කණ්ඩායමක්. බලාපොරොත්තු රැසක් හිතේ තියාගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපි නියෝජනය කළා. නමුත් ටික කාලයක් යනවිට රටේ දැවැන්ත ආර්ථික හා දේශපාලන අර්බුදයක් ඇති කළා. දේශපාලන, ආර්ථික, සමාජයීය අර්බුදය ජනතාවට දැනෙන්න ගත්තේ එක පැත්තකින් විතරක් නෙවෙයි. කෘෂිකර්මාන්තය, සංචාරක, ධීවර ක්ෂේත්‍ර කඩාගෙන වැටෙන විට ජනතාවට මුහුණ දුන්න පීඩාව නිසා අපි විශාල අපහසුතාවකට පත්වුණා. ඒ සමඟ රටේ ඇති වූ අරගලය හා සිද්ධි මොනවද කියා ජනතාව දැන් දන්නවා. රට භාර ගන්න සජිත් ප්‍රේමදාස මහතාට කතා කළා. ආසයි බයයි නිසා එතුමා එතැනින් අයින් වුණා. වගකීම ගත්තේ නැහැ. අනුර කුමාර දිසානායක මහතාට කතා කළා. එතුමා වගකීම භාර ගත්තේ නැහැ. අවසානයේ පාර්ලිමේන්තුවේ තනි නියෝජනයක් කරන රනිල් වික්‍රමසිංහ මහතාට මේ වගකීම පවරන්න සිදු වුණා. වගකීම භාර ගත්තා විතරක් නෙමේ ඒ දැවැන්ත අභියෝගයට රනිල් වික්‍රමසිංහ මහතා මුහුණ දුන්නායැයිද පැවසීය.
අනුර කුමාර දිසානායක මහතාට මේ රටේ ජනාධිපති වෙන්න බැහැ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුවේ කැබිනට් ධීවර ඇමැති හිටියේ අද ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය. නියෝජ්‍ය ඇමැති වෙලා හිටියේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්. ඒ කාලේ ධීවර කේෂ්ත්‍රයට මොනවද කළේ. සජිත් ප්‍රේමදාස මහතා අභියෝග කළා අපේ මන්ත්‍රීවරුන් එක්කෙනෙක් හරි අරන් පෙන්නන්න කියලා. අද සජබය ඛේදනීය තත්ත්වයට පත් වෙලා. අද වෙනකොට සජබෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13ක් ඇවිත්. තව දින 7ක් යනවිට සජබෙන් තව කොච්චර එනවද කියා බලාගන්න පුළුවන්.
නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග, වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු, ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලිගියවන්න, ධීවර හා ජලජ සම්පත් ඇමැති පියල් නිශාන්ත,රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු,පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, මොහොමඩ් මුසම්මිල්, මීගමුව හිටපු නගරාධිපති දයාන් ලාන්සා මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.