1
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කරන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය ලබාදීම සඳහා ටෙලෝ සංවිධානයේ නායක පරරාජසිංහම් උදයරාසා හා ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ ප්රචාරක ලේකම් යූ.එල්.එම්.එන්. මුබීන් යන මහත්වරු තීරණය කර ඇත.
ඒ අනුව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාව හමුවී තම ස්ථාවරය දැනුම් දී ඇති එම මහත්වරු මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්රමසිංහ මහතාව දිනවීමට දමිළ හා මුස්ලිම් ජනතාව බහුතරයක් දැනටමත් තීරණය කර ඇති බවද, වික්රමසිංහ මහතාගේ ජයග්රහණය පිළිබඳව කිසිදු සැකයක් නොමැති බවද අවධාරණය කර තිබේ.
නෙත්මි පූජනී රත්නායක