7
හැත්තෑ පස් වසරකට පසුව අප ඉදිරිපත් කරලා තිබෙනවා උපායමාර්ගික සාර්ථක වැඩපිළිවෙළක් මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න ප්‍රධාන අපේක්ෂකයින් හතර දෙනාටම ඒ පිළිබඳව පුළුවන් නම් විවාදයකට එන ලෙස අභියෝග කරන බව සර්වජන බලය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා සඳහන් කළේය.
මෙවර ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය පක්ෂය විසින් අනුරාධපුර කඩපනහ ප්‍රදේශයේදී පෙරේදා (25) පස්වරුවේ පැවැති ජනහමුවකට එක්වෙමින් ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා මේ බව සඳහන් කළේය.
එහිදි තවදුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවසීය.
මම දැක්කා මැතිවරණ අපේක්ෂකයන්ගේ ආදායම් වාර්තා ප්‍රසිද්ධියට පත් කරල තියෙනවා. ඒක දැක්කම අපිට දුක හිතෙනවා. පව් කියල හිතෙනවා. සාමාන්‍ය පවුලකටවත් රුපියල් ලක්ෂ දෙකෙන් අද ජීවත් වෙන්න බෑ. හැබැයි මේ අපේක්ෂකයන් මේ විදිහට ජීවත් වෙනව කියන එක පුදුමයක් නෙමේද. මේ අය රුපියල් ලක්ෂ දෙකකින් ජීවත් වෙන්නේ කොහොමද. අඩුම තරමින් ඔවුන්ගේ වාහනවලට මේ මුදලින් තෙල් ගහන්නවත් පුළුවන් ද. ඔව් පුළුවන් මොකද එයාල ජීවත් වෙන්නේ කළු සල්ලිවලින් කියලා ඔබ තමුන්නාන්සේලා දන්නවා. අවුරුදු 75කට පස්සේ අපි ඔබට ඉදිරිපත් කරලා තියෙනවා උපායමාර්ගික සාර්ථක වැඩපිළිවෙළක්. අපේ රටේ අනාගතය පිළිබඳව. ඔබේ දරුවාගේ අනාගතය පිළිබඳව. ඔබ දන්නවා මෙතෙක් කල් හැමදාම ඔබ අතට ලැබුණේ මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයක් විතරයි. ඒ කියන ඒවා කවදද මේ පාලකයන් ඉෂ්ට කරලා තියෙන්නේ කියලා ඔබ පැහැදිලිව දන්නවා. නමුත් අපි මේ ඔබට ඉදිරිපත් කරලා තියෙන පිළිවෙළ තුළ මේ හැමදේම අන්තර්ගත වෙලා තියෙනවා. අපි කරන්නේ මොනවද මොන කාලවලද කරන්නේ? ඒවා කරන්නේ කොහොමද ඒවා කරන්න මුදල් කොහොමද ලැබෙන්නේ කියලා අපි පැහැදිලිව පෙන්නල තිබෙනවා.
අමිල ප්‍රභාත් වනසිංහ
අනුරාධපුර අතිරේක