Home Politics News Room : මාලි­මාවේ ප්‍රති­පත්ති ප්‍රකා­ශය ලස්සන වචන ටිකක් විත­රයි

News Room : මාලි­මාවේ ප්‍රති­පත්ති ප්‍රකා­ශය ලස්සන වචන ටිකක් විත­රයි

0
0

ජාතික ජන බල­වේ­ගයේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය ලස්සන වචන ටිකක් පම­ණක් බවත්, මේ වච­න­ව­ලට රැව­ටු­ණොත් රට ආගා­ධ­ය­කට යන­ එක වළ­ක්වන්න බැරි බවත් විදේශ කට­යුතු, අධි­ක­රණ, බන්ධ­නා­ගාර කට­යුතු හා ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා ප්‍රති­සං­ස්ක­රණ අමාත්‍ය ජනා­ධි­පති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි මහතා පැව­සීය. ඔහු මේ බව කියා සිටියේ පෙරේදා (28) කොළඹ පැවති “පුළු­වන් ශ්‍රී ලංකා” මාධ්‍ය හමු­වට එක් වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ අමා­ත්‍ය­ව­රයා‍:

ජාතික ජන බල­වේ­ගයේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය ලස්සන වචන ටිකක් විත­රයි. මේ වච­න­ව­ලට රැව­ටු­ණොත් රට අගා­ධ­ය­කට යෑම වැළැ­ක්විය නොහැ­කියි. ඔවුන් ඉදි­රි­පත් කර ඇත්තේ අයි.එම්.එෆ්. සාකච්ඡා ලත් තැන ලොප් වී රට නැවත විනා­ශ­ය­කට යොමු වන ආකා­රයේ ප්‍රති­ප­ත්ති­යක්.

2022 ශ්‍රී ලංකාව විශාල ආර්ථික අර්බු­ද­ය­කට මුහුණ දුන්නා. බදු අඩු කිරීම හේතු­වෙන් ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ආදා­යම අවු­රු­ද්ද­කට බිලි­යන 600කට පමණ අඩු වුණා. ඒ තත්ත්වය පාල­නය කර­ ගන්න රජ­යට මුදල් නැති වුණා. ඒ හින්දා තමයි ණය ගෙවා­ගන්න බැරි වුණේ. විය­දම වැඩි වෙනවා නම් ඊට සාපේ­ක්ෂව ආදා­යම වැඩි විය යුතුයි. ආදා­යම අඩු කරලා, විය­දම වැඩි කර­නවා කියන්නේ කරන්න බැරි දෙයක්. ඒ වෙලා­වට මුදල් අච්චු ගහන්න ඕනෑ. දැන් කොහො­ම­ටත් මහ බැංකු පනත නිසා මුදල් අච්චු ගහන්න බෑ. එහෙම වුණොත් රුපි­යල කඩා වැටෙ­නවා. උද්ධ­ම­නය උඩ යනවා. ඩොලර් ටික නැති­වෙ­නවා. 2022 තත්ත්ව­ය­ටම රට පත් වෙනවා. මේ අය අයි.එම්.එෆ් එකත් එක්ක ඉදි­රි­යට යන­වලු. අයි.එම්.එෆ් වැඩ­ස­ට­හන තුළ තිබෙන වැද­ගත්ම දේ තමයි ණය ගෙවීමේ ශක්‍ය­තාව පිළි­බඳ දරා­ ගැ­නීමේ හැකි­යාව පිළි­බඳ විස්ත­රය. ඒක උඩ තමයි සම්පූ­ර්ණ­යෙන්ම ණය ප්‍රති­ව්‍යූ­හ­ග­ත­ක­ර­ණය පිළි­බඳ සාකච්ඡා කරලා තියෙන්නේ. විය­දම් කරන ප්‍රමා­ණය සාකච්ඡා කරලා තියෙන්නේ. ගෙවිය යුතු බදු පිළි­බඳ සාකච්ඡා කරලා තියෙන්නේ. මේ අය කියන්නේ සාකච්ඡා කරලා වික­ල්ප­යක් ඉදි­රි­පත් කරන බවයි. එහෙම කරන්න බැහැ. කරුණු කීප­යක් උඩ එහෙම කිරීමේ හැකි­යා­වක් නැහැ. මේකෙන් අද­හස් වෙන්නේ මේ සාකච්ඡා අසා­ර්ථක වෙන බවයි. අයි.එම්.එෆ්. සාකච්ඡා ලත් තැනින්ම ලොප් වෙලා විනා­ශ­ය­කට යනවා කියන එක. අයි.එම්.එෆ්. එක පැත්ත ගැහු­වොත් වෙන්නේ ණය ප්‍රති­සං­ස්ක­ර­ණ­යට එකඟ වුණු රට­වල් තියෙ­නවා. ඒ සියලු රට­වල් ආප­ස්සට යනවා. මොකද ඔවුන් එකඟ වුණේ මේ කොන්දේ­සි­ව­ල­ටයි. ඒ නිසා අප කියන්නේ මේක රටේ ජන­තා­වට මේක සම්පූ­ර්ණ­යෙන්ම කළ නොහැකි ප්‍රායෝ­ගික නොවන, කඩා­වැ­ටී­මට වැට බඳින වැඩ­පි­ළි­වෙ­ළක්.”

සුභා­ෂිණී සේනා­නා­යක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here