Home Politics News Room : ජවිපෙ බල­යට ආවොත් රට යළි පෝලිම් යුග­ය­කට යනවා

News Room : ජවිපෙ බල­යට ආවොත් රට යළි පෝලිම් යුග­ය­කට යනවා

0
0

ජනතා විමුක්ති පෙර­මුණ බල­යට ආ විට පොදු රාජ්‍ය මණ්ඩ­ල­යෙන් ඉවත් වනවා යැයි පව­සන බවත් එසේ වුව හොත් නැවත වරක් පෝලිම් යුග­ය­කට යෑමට සිදු වන බවත් එක්සත් ජාතික පක්ෂ සභා­පති, පාර්ලි­මේන්තු මන්ත්‍රී වජිර අබේ­ව­ර්ධන මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැව­සුවේ ගාල්ල උළු­වි­ටිකේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යා­ල­යේදී ඉකුත්දා (27) පැවති ගාල්ල දිස්ත්‍රි­ක්කයේ ආසන සංවි­ධා­ය­ක­ව­රුන් හා පක්ෂ ක්‍රියා­කා­රීන්ගේ හමු­ව­ක­දීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ වජිර අබේ­ව­ර්ධන මහතා:

ජනා­ධි­පති මැති­ව­ර­ණය සඳහා මේ වන විට සියලු කට­යුතු සූදා­නම් වී තිබෙ­නවා. ඔබට ගැට­ලුව ඇත්තේ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් සම­ග­නම් ඔබට පුළු­වන් ඊළඟ මැති­ව­ර­ණ­යෙන් ඒ අය ගෙදර යවන්න. එහෙත් රනිල් ගෙදර යවන්න එපා. රනිල් ගෙදර යැවු­වොත් රටට හම්බ වෙනවා විශාල දඬු­ව­මක්. බොහෝ අය කිය­න­වනේ රනිල් වික්‍ර­ම­සිංහ මැති­තුමා පින් ජනා­ධි­පති කෙනෙක් කියලා. එහෙම ෆේස්බුක් එකේ කමෙන්ට් කරන අය හිතා­ගෙන ඉන්නේ පින් කියන වච­නය නරක වච­න­යක් කියලා. රනිල් වික්‍ර­ම­සිංහ කියන්නේ පිනට පහළ වූ ජනා­ධි­පති කෙනෙක් තමයි. එතු­මාගේ පින නිසා තමයි අද අපේ රට මේ විදි­හට හුස්ම ගන්නේ. බලන්න අද බංග්ලා­දේ­ශය දිහා. ඔවුන්ට මොකද වුණේ? අද රට සම්පූ­ර්ණ­යෙන්ම ඉව­රයි. අපේ රටත් මෙවැනි තත්ත්ව­ය­කට ගමන් කර­මි­නුයි තිබුණේ. ඒත් අපේ රටේ වාස­නා­වට එහෙ­මත් නැති නම් අපේ පිනට අපට හිටියා රටක් බේර­ගන්න පුළු­වන් ජාතික නාය­ක­යෙක්. එතුමා මේ රට බංග්ලා­දේ­ශයේ තත්ත්ව­යට පත් වෙන්න ඉඩ­හැ­රියේ නැහැ.

‟ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මැති­තුමා මේ වැටුණ රට ගොඩ ගන්න ගත් ක්‍රියා­මාර්ග වෙනස් කරන්න බැහැ. මොකද සම­හර අය දැන් කිය­නව නේ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­ද­ලෙන් ගෙන­යන වැඩ­ස­ට­හන වෙනස් කර­නවා කියලා. ඒ කියන්නේ නැවත වරක් රටේ ඉන්ධන පෝලිම් ඇති වෙනවා; නැවත වරක් රටේ ගෑස් පෝලිම් ඇති වෙනවා. නැවත වරක් රටේ කිරි පිටි පෝලිම් ඇති වෙනවා. ඒ නිසා මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී රටේ මහ­ජ­න­තාව හරි කල්ප­නා­වෙන් තම ඡන්දය දිය යුතුව තිබෙ­නවා. මේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් තෝරන්නේ ආග­මට නාය­ක­යෙක් නොවෙයි, සංස්කෘ­ති­යට නාය­ක­යෙක් නොවෙයි, එහෙ­මත් නැති නම් කුල­යට නාය­ක­යෙක් නොවයි. මෙය අපේ රටට ජාතික නාය­ක­යෙක් තෝරා­ගත යුතු මැති­ව­ර­ණ­යක් බව ඔබ මතක තබා ගත යුතුයි.

‟ඒ නිසා මෙය තීර­ණා­ත්මක මැති­ව­ර­ණ­යක්. විප­ක්ෂයේ අය කිය­නවා මේක දෙන්නම් අරක දෙන්නම් කියලා. එහෙම කිවු­වට දෙන පාරක්, විදි­හක් ඔවුන් කියන්නේ නැහැ. තව දුර­ටත් මේ රටේ ජන­තාව එහෙම රව­ට්ටන්න බැහැ. ඒවට අවශ්‍ය කරන නීති රීති අණ­ප­නත් රනිල් වික්‍ර­ම­සිංහ මැති­තුමා පාර්ලි­මේ­න්තුවේ සම්මත කර­ගෙන තිබෙ­නවා. ඒ නිසා ඔබ මේ මැති­ව­ර­ණ­යේදී ඔබේ ඡන්දය ඉතා කල්ප­නා­වෙන් භාවිත කළ යුතුව තිබෙ­නවා.

ඔබ කල්ප­නා­වෙන් ක්‍රියා නොක­ළොත් නැති වන්නේ ඔබේ දරු­ව­න්ටගේ අනා­ග­තය. ඔබට ඔබේ දරු­වන්ට අනා­ග­ත­යක් අවශ්‍ය නම් රනිල් වික්‍ර­ම­සිංහ මැති­තු­මාට ඔබේ වටිනා ඡන්දය භාවිත කරන්න කියා මා ඉල්ලා සිටි­නවා.”

නෙත්මි පූජනී රත්නා­යක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here