Home World News Room : යුක්රේනය හා බංග්ලා­දේ­ශයේ වත්මන් තත්ත්වය ගැන මෝදි-බයිඩ්න් අතර දුර­ක­තන...

News Room : යුක්රේනය හා බංග්ලා­දේ­ශයේ වත්මන් තත්ත්වය ගැන මෝදි-බයිඩ්න් අතර දුර­ක­තන සාක­ච්ඡා­වක්

0
0

යුක්රේ­නයේ සහ බංග්ලා­දේ­ශයේ වත්මන් තත්ත්වය පිළි­බඳ ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි සහ අමෙ­රි­කාවේ ජනා­ධි­පති ජෝ බයිඩ්න් අතර විශේෂ දුර­ක­තන සාක­ච්ඡා­වක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊට කලා­පීය හා ගෝලීය ගැටලු පිළි­බඳ අද­හස් හුව­මා­රු­වක් ද ඇතු­ළත් වූ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. බංග්ලා­දේ­ශයේ වත්මන් තත්ත්වය හා එරට ජන ­ජී­වි­තය නැවත යථා තත්ත්ව­යට පත් කිරීමේ අව­ශ්‍ය­තාව මෙහිදී දෙරටේ නාය­ක­යන් අතර සාක­ච්ඡා­වට ලක්වී ඇතැයි ද, බංග්ලා­දේ­ශයේ සුළු ජාතීන්ගේ ආර­ක්ෂාව සහ­තික කළ යුතු බවට එක­ඟ­තා­වට පැමිණ ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

විශේ­ෂ­යෙන් පසු­ගි­යදා ශෙයික් හසීනා අග­මැ­ති­ ධු­ර­යෙන් ඉව­ත් වී­මෙන් පසු එරට හින්දු ජාති­ක­යන්ට සහ ඔවුන්ගේ ව්‍යාපා­ර­ව­ලට එල්ල වූ ඉස්ලාම් මූල­ධ­ර්ම­වා­දීන්ගේ ප්‍රහාර පිළි­බඳ සංවා­ද­යට ලක්වී ඇති අතර, එම දුර­ක­තන සංවා­දය පවත්වා ඇත්තේ ඉන්දීය අග­මැ­ති­ව­ර­යාගේ යුක්රේන හා පෝලන්ත සංචා­ර­යෙන් පසුව බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here