17
ග්‍රීසියට අයත් ඉන්ධන නෞකාවකට පසුගියදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළ හවුති කැරලිකරුවන් එම නෞකාව පුපුරුවා හැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
දින කිහිපයක් ගිනි ගනිමින් තිබූ ඉන්ධන නෞකාව පුපුරුවා හරින වීඩියෝ දර්ශන ද හවුති කැරලිකරුවන් සමාජ මාධ්‍යජාලයට මුදා හැර ඇතැයිද වාර්තා වේ.
එම නෞකාවේ ඉන්ධන රතු මුහුදට මිශ්‍ර වීමෙන් දැඩි සමුද්‍ර දූෂණයක් සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. බොරතෙල් බැරල් දසලක්ෂයක් තිබූ බව කියන එම ඉන්ධන නෞකාවට හවුති මිසයිල ප්‍රහාරය එල්ල වී ඇත්තේ පසුගිය 23 වැනිදා වන අතර, මේ පිළිබඳ යුරෝපා හවුලේ රතු මුහුදේ නාවික මෙහෙයුම් බළකායේ දැඩි නිරීක්ෂණයට ලක් වෙමින් තිබිණි.