Home Politics News Room : අනුර කුමා­රගේ හෙල්මට් කල්ලි­යට බලය ගියොත් රටේ ලොකු ලේ...

News Room : අනුර කුමා­රගේ හෙල්මට් කල්ලි­යට බලය ගියොත් රටේ ලොකු ලේ වැගි­රී­මක් වේවි

0
0

අනුර කුමාර මහ­තාගේ හෙල්මට් කල්ලි­යට රටේ බලය ලැබු­ණොත් 2022ටත් වඩා දැවැන්ත ලේ වැගි­රී­මක් රටේ සිදු­වනු ඇතැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවි­ධා­යක, නාග­රික සංව­ර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණ­තුංග මහතා පැව­සීය.

ඇමැ­ති­ව­රයා අව­ධා­ර­ණය කරන්නේ රට ඉදි­රි­යට ගමන් කළ සෑම අව­ස්ථා­ව­ක­දීම ජවිපෙ රට ආප­ස්සට ඇදී­මට කට­යුතු කළ බවයි. එබැ­වින් ඉතාම කල්ප­නා­වෙන් යුතුව මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ඡන්දය ප්‍රකාශ කළ යුතු බවද ඇමැ­ති­ව­රයා කීය.

ඇමැති ප්‍රසන්න රණ­තුංග මහතා මේ බව සඳ­හන් කළේ පසු­ගි­යදා (28) දිවු­ල­පි­ටිය,කටාන ප්‍රදේ­ශ­වල පැවති ජන­හ­මු­ව­ලට එක්වෙ­මිනි.

එහිදී ඇමැ­ති­ව­රයා මෙසේද පැව­සීය.

මේක අපට අමුතු වේදි­කා­වක්. මොකද මේ වේදි­කාවේ සිය­ලුම පක්ෂ නියෝ­ජ­නය කරන නියෝ­ජි­ත­යන් ඉන්නවා. දේශ­පා­ල­න­යේදී අපි කාල­යක් එකි­නෙකා විවේ­ච­නය කර ගත්තා. නමුත් ඒ සිය­ලුම එදි­රි­වා­දි­කම් අත­හැර අපි සිය­ලුම දෙනා එකම අර­මු­ණක් වෙනු­වෙන් එක ගම­නක් යනවා.

ආර්ථික අර්බු­ද­යත් සමඟ මේ රටට අලුත් දේශ­පා­ලන සංස්කෘ­ති­යක් ඇති වුණා.අප තෙල් පෝලි­ම්වල, ගෑස් පෝලි­ම්වල දුක්වින්දා. අපට ඒ අතී­තය මත­කයි. ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් වැඩ කරන නිසා සම­හරු කිය­නවා ප්‍රසන්න රණ­තුංග දැන් එජා­ප­යට බැඳිලා කියලා නෑ. මම තවම පොහො­ට්ටුවේ.අද මහින්ද මහ­ත්ත­යාගේ වේදි­කාවේ කයි­වාරු ගහන්න වීරයෝ ඕනෑ තරම් ඉන්නවා. නමුත් ඔහු 2015 පැර­දුණ වෙලාවේ ඔය කවු­රු­වත් හිටියේ නෑ. මම තමයි මහින්ද මහ­ත්ත­යාව නැවත දේශ­පා­ල­න­යට ගේන්න පෙර­මුණ ගත්තේ. බස්නා­හිර පළාතේ මහ ඇමැ­ති­ව­රයා විදි­යට මගේ නිල නිවසේ තමයි ඒ සම්බ­න්ධ­යෙන් සාකච්ඡා පැවැ­ත්වුණේ.ජනා­ධි­ප­ති­ව­ර­යෙක් පත්ක­ර­ගෙන පොහො­ට්ටුවේ ආණ්ඩු­වක් හදන්න පුළු­වන් වුණේ අපේ කැප­කි­රීම නිසයි.

යුද්ධය දිනුවේ මහින්ද රාජ­පක්ෂ නිසයි.ගෝඨා­භය රාජ­පක්ෂ මහතා තමයි කොවිඩ් වසං­ග­ත­යෙන් රටත් ජන­තාව බේරා­ගත්තේ. අපට ඒ අතී­තය මත­කයි. කොවිඩ් වසං­ග­ත­යෙන් පසුව ඇති­වුණ ආර්ථික අර්බු­දය නිසි පරිදි කළ­ම­නා­ක­ර­ණය කර ගන්න එදා මමත් නියෝ­ජ­නය කළ ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ ආණ්ඩු­වට බැරි වුණා. ඒ පල විපාක තමයි අපි විඳෙව්වේ.

එදා ආර්ථි­කය කඩා­ගෙන වැටුණු රට නැවත ගොඩ­ගත්තේ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්තයා. අපි ඔහුට මේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී කළ­ගුණ සැල­කිය යුතුයි. ඉති­හා­සයේ රට­වල් මීටත් වඩා දරුණු අර්බු­ද­ව­ලට මුහුණ දී තිබෙ­නවා.

ඒ අව­ස්ථා­ව­ලදී දේශ­පා­ල­නය පැත්ත­කට දාලා රට වෙනු­වෙන් මිනිස්සු එකට එකතු වුණා. අපිත් මේ එක­තු­වෙලා ඉන්නේ ඒ වගේ උදාර අර­මු­ණක් වෙනු­වෙන්. අපි ජනා­ධි­ප­ති­ව­ර­යාට උදව් කරන්නේ තන­තුරු වර­ප්‍ර­සාද වෙනු­වෙන් නෙමෙයි. එහෙම පෞද්ග­ලික දේශ­පා­ලන න්‍යාය­ප­ත්‍ර­යක් අපට නැහැ.

රට ගොඩ­න­ඟලා, ආර්ථි­කය ස්ථාවර කළාම අපිට පුළු­වන් දේශ­පා­ල­නය කරන්න. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වෙලා ඉන්න අනෙක් අපේ­ක්ෂ­ක­යන්ගේ ප්‍රති­පත්ති ප්‍රකාශ දිහා බලන්න. ඒ තිබෙ­න්නෙත් ජනා­ධි­ප­ති­ව­ර­යාගේ වැඩ­පි­ළි­වෙ­ළ­මයි.මේ රටේ බලය තිබෙන්නේ විධා­ය­ක­ය­ටයි. රනිල් වික්‍ර­ම­සිංහ මහතා කව­දා­වත් විධා­යක ජනා­ධි­පති වෙලා ඉඳලා නෑ. ඔහු හැම­දාම හිටියේ දෙවැනි තැන. මේ පාර අවු­රුදු දෙක­කට ඔහුට විධා­යක ජනා­ධි­පති වෙන්න අව­ස්ථාව ලැබුණා. ඒත් ඉතාම නරක තැනක රට තියෙද්දී. කෙටි කාල­ය­කින් ඔහු තම ජාත්‍ය­න්තර සබ­ඳතා පාවිච්චි කර රට ගොඩ­ගත්තා. මේ වැල් පාලමේ ඉතුරු ටික යන්න අපට ඔහු අව­ශ්‍යයි. ඒ වෙනු­වෙන් තමයි අපි එකතු වුණේ.

මේ රට හැම­දාම ආප­ස්සට ඇද්දේ ජවි­පෙයි. 2022 ගෙවල් ගිනි තියලා රටේ ම්ලේච්ඡ­ත්වය වැපි­රුවේ අනුර කුමාර දිසා­නා­ය­කගේ හෙල්මට් කල්ලි­යයි. ඒ වගේ කණ්ඩා­ය­ම­කට බලය දුන්නොත් මේ රටේ ආයෙ­මත් ලේ වැගි­රී­මක් වේවි. ඒ නිසා ඉතාම කල්ප­නා­වෙන් මේ පාර ඡන්දය ප්‍රකාශ කරන්න ඕනෑ. අනුර කුමාර හිතා­ගෙන ඉන්නේ තමන්ගේ සිය­යට 3 ඡන්ද ගොඩ සිය­යට 40 -50 ක දක්වා වැඩි වේවි කියලා. එහෙම වෙන්නෙ නෑ.

උපාලි කරු­ණා­රත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here