Home Politics News Room : හැමෝම කළේ බඩට යමක් දී ජනතාව රැවටීමයි

News Room : හැමෝම කළේ බඩට යමක් දී ජනතාව රැවටීමයි

0
0

පිරිසුදුම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පිරිසක් පක්ෂය තුළ මේ වන විට ඉතිරිව ඇති බවත්, එය ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමට ශක්තියක් බවත්, රටේ පවතින ආකල්ප මත මෛත්‍රීපාල සිරිසේන මහතා සහයෝගය ලබා දෙන බව පැවසුවහොත් තමන්ට ලැබෙන ඡන්ද ප්‍රමාණය නොලැබෙන බැවින් එතුමන්ගේ තීරණය ආශිර්වාදයක් ලෙස භාර ගන්නා බවත් ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ, ඓතිහාසික රුවන්වැලි සෑ රදුන් පසුගියදා (31) වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මෙහිදී රුවන්වැලිසෑ විහාරාධිපති ඊතල වැටුණුවැවේ ඤාණතිලක නාහිමිපාණන් වහන්සේ ද බැහැදකිමින් ආශිර්වාද ලබා ගත් හෙතෙම තවදුරටත් මෙසේ ද පැවසීය.

Òමේ දිනවල ජනතාවගේ සහාය ලබා ගැනීම සඳහා විවිධ දේශපාලන නායකයන් ඓතිහාසික අනුරාධපුරයේ සමුළු පැවැත්වීමට කටයුතු කළද ගොවියා සූරා කන වෙළෙඳපොළ මාෆියාවෙන් බේරා ගෙන රජරට ගොවි ජනතාවට සිය නිෂ්පාදන වෙනුවෙන් සාධාරණ මිලක් ලබා ගැනීම පිළිබඳව කිසිදු නායකයකු කතා කළේ නෑ. රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ පවුල් හා විශ්‍රාම ගිය රණවිරුවන්ගේ ප්‍රශ්න පිළිබඳවත්, විදේශගත වූවන්ගේ අනාගත අභිවෘද්ධිය සැකසීම හා ජාත්‍යන්තර වශයෙන් ලැබිය යුතු ආරක්ෂාව ලබා දීම පිළිබඳවත් මම ඉදිරියේදී ක්‍රියා කරනවා. මැතිවරණවලදී ප්‍රතිපත්ති සහ පොරොන්දු පත්‍රිකා තිබුණ ද සෑම විටම සිදු කළේ ජනතාව රැවටීම සඳහා බඩට යමක් දීම පමණයි. 1970දී හාල් සේරු දෙකෙන් ආරම්භ කළ එම වැඩපිළිවෙළ අද වන විට අස්වැසුම ලබා දෙමින් වත්මන් ජනාධිපතිවරයා කරගෙන යනවා. ශ්‍රී ලංකාව බංකොලොත් රටක් වීමට බලපෑ එකම හේතුව එයයි. අපේ රට පමණක් නොව මෙරට දේශපාලන පක්ෂද බංකොලොත් භාවයට පත්ව තිබෙනවා. තමන්ගේ පක්ෂය බේරා ගැනීමට නොහැකි පුද්ගලයකු අනුප්‍රාප්තිකයකු ලෙස ජනාධිපති ධුරයට පත්ව රට බේරා ගන්නේ කෙසේද යන්න ගැටලුවක්.

අමිල ප්‍රභාත් වනසිංහ අනුරාධපුර අතිරේක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here